අඬහැරය




තාරුණ්‍යයේ ජවය ශක්තිය තෙලි තුඩින් මෙතකැයි කියා ලියන්නට මම වැයම් නොදරමි. එහෙත් එයින් කළ හැකි අපමණ වු දේ ලියන්නට මගේ තෙලි තුඩ මා හට හඩ නගයි. සුන්දර අනාගතයකට කියා මා සුභ නොපැතුවද, යහපත් වු අනාගතයකට මම සුභ පතමි. මන්ද මා දකින යථාර්ථමයද ඔබද දකින්නේ යැ’යි මට උභතෝකොටිකයක් මතු වු බැවිනි.
තාක්ෂණය හා මුසුව අප මේ යන අනවරථ ගමනේ විඩාවක් නොමැති රොබෝ වරයකු මෙන් ක්‍රියා කරනුයේ මුදලටද යහපතටද කියා මටනම් සිතා ගත නොහැකිය. අප සැමවිටම කුමන කාර්යයකින් හෝ ජය නැතිනම් පරාජය අපේක්ෂා කරයි. එය කාර්යාලයේ හෝ වේවා ක්‍රීඩා පිටියක හෝ වේවා කුමන හෝ ස්ථානයකට එය පොදු සිද්ධාන්තයකි.නමුත් අප මොහොතකට හෝ සිතුවාද මේ ජය පරාජය යන නිර්ණායකයන් දෙක නොමැතිනම් අප කොපමණ දේවල් ලබා ඇත්ද කියා. එය සමාජ සිද්ධාන්තයකි. එනමුත් ගැටලුව නම් තවමත් එය අපට නොතේරිමයි.
අප කරන කාර්යක අප උපරිමයෙන්ම බලාපොරොත්තු වන්නේ එයින් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනිමයි.එවිට අප සියල්ලන්ම ජයග්‍රහකයන්ය. නමුත් අප කරන්නේ අප අන් අය අතුරින් කැපී පෙනීම තකා අන් අයව පහතට දමා කෙසේ හෝ තමා ඉදිරියට පැමිණිමයි. කොතෙක්ද එය, කියතොත් අපගේ මව් පියන් පවා බිලි දිමට ඔවුන් සුදානම් වනුයේ එබැවිනි.
අප බෞද්ධ රටක උපත ලැබිම මහා පිනකි. එනමුත් එම පින් බිමේ අපේ උරුමය සොයමින් අන් අය පගා දමන්නේනම් එය මහා පාපකර්මයකි. එය කුමන ආගමකට හෝ ගත්තද එළසමය. නමුත් අප අදහන  ආගම ආගමක් ලෙසට විනා එය උරුමයක් ලෙසට නොගෙන කටයුතු කිරිම යහපත්ය.
සෑම විටම අප බැලිය යුත්තේ අන් අය කියනා කරනා දෙය නොව තමන්ට කළ හැකි දෙයයි. තරගයක් ඇති කර ගතයුත්තේ අන් අය සමග නොව තම චිත්ත්‍යාභ්‍යන්තරයේමයි. එවිට අප ඔබ සිතන මඟට කිසිදු අවහිරයකින් තොරව ගමන් කළ හැකි අතර, අප කටින් පමණක් කියනා දහසකුත් සංස්කෘතියේ සභ්‍යත්වයේ සැබැ ස්පර්ශනීය පහස විදිය හැකිය.



1 comment: