Saturday, August 27, 2016

ගවේශනය.........

අතීතයේ වැලි පුවරුවේ තබා අකුරු කී ලාංකීය සමාජයේ ළමා පරපුර අද තාක්ෂණයත් සම`ග පරිගණකය අභියසට පැමිණ තම අධ්‍යයන කටයුතු කිරිමට පටන්ගෙන ඇත. මාර්ෂල් මැක්ලූහම් හ`දුන්වා දුන් විශ්ව ගම්මාන සංකල්පය යටතේ සිය අතැ`ගිලි මතට දැනුම නුතනයේ ගලා එයි. ඒ අනුව සාම්ප‍්‍රදායික අධ්‍යයනයෙන් ඈත්ව දරුවා අද වන විට අන්තර්ජාතික තොරතුරු ලබා ගතහැකි ගවේශකයකු බවට පත්ව ඇත. ස්වං අධ්‍යයන ක‍්‍රමයක් යටතේ මාර්ගෝපදේශකයකුගේ මැදිහත් වීමක් නොමැතිව වුවද තම අධ්‍යයනය කටයුතු සිදු කළ හැකිය. ඒ අනුව පාසලේ දී ලබන්නා වු දැනුමට අතිරේක දැනුමක් අන්තර්ජාලය තුළින් ලබා ගැනිමට මේ යටතේ හැකියාව ලැබේ. නව සොයාගැනිම්, සාහිත්‍ය නිර්මාණ, විවිධ මාතෘකා යටතේ සිදුකළ පර්යේෂණයන් මෙමගින් අධ්‍යයනය කරන්නට හැකිය. 

ගවේශනාත්මක අධ්‍යාපන ක‍්‍රමය මේ තුළ ඉතා ඵලදායි අන්දමින් සිදුවේ. නමුත් කාලයත් සම`ග දරුවන් නොයෙකුත් වීඩියෝ ක‍්‍රීඩා, ප‍්‍රචණ්ඩත්වය මුසු චිත‍්‍රපට සහ අසැබි දසුන් නැරඔිම පර්ගණකය ඇසුරින් සිදු කෙරේ. ඒ අනුව දරුවා පරිගණකය අසල තනි වීම නිසා ඔවුන්ගේ මනස අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශනය වන්නා වු රූපමය දේ කෙරෙහි ආකර්ෂණයක් ඇති විමට ඉඩකඩ ඇත්තේය. එවැනි අවස්ථා ලාංකීය සමාජය තුළ බොහෝමයක් වාර්තා වී ඇත. 

වැඩෙන වයසේ සිටින දරුවා එම`ගින් නොමගට යොමු විමට ඇති ඉඩකඩ බොහෝ නිසා දෙමාපියන් මේ පිළිබද ඉතා සුපරික්ෂාකාරී විය යුතුය. ඔවුන් පරිගණකය හා සම්බන්ධ වීමේදී ඔවුුන් කරන්නා වු දේවල් පිළිබ`ද අවධානයෙන් පසු විය යුතුය. නැතිනම් මේ හුරුව දිගින් දිගටම ගමන් කිරිමේදි දරුවා ප‍්‍රචණ්ඩ පුද්ගලයකු විය හැකිය. ඇමරිකාව,  ඕස්ටේ‍්‍රලියාව වැනි රට වල සිදු කළ පරික්ෂණයන් ම`ගින් පැහැදිළි වුයේ ඒ රටවල ළමුන් ප‍්‍රචණ්ඩ මානසික ක‍්‍රීයා වලට යොමු වු ප‍්‍රධානම හේතුව ඔවුන් දිගින් දිගටම අන්තර්ජාලය හෝ පරිගණකය ඇසුරෙන් නොයෙක් ප‍්‍රචණ්ඩත්වය මුසු දර්ශන නැරඔිමයි. 

ගවේශනාත්මක අධ්‍යාපන ක‍්‍රමක් තුළ තීක්ෂණ බුද්ධියෙන් යුතු පරපුරක් බිහි වෙනවා මෙන්ම එය අනිසි ලෙස භාවිතයෙන් ඔවුන්ගේ සහ අනාගත පරම්පරාව විනාශ වී යන්නේය. සෑම දෙයකම අනිතයන් දෙකක් ඇත්තේය. එක් මාර්ගයක් හොද නම් අනෙක නරකය. එය මැනවින් තෙරුම් ගෙන ළමුන් සේම වැඩිහිටියන්ද ක‍්‍රියා කිරිම තුළ බුද්ධියෙන් පිරිපුන් ගවේශනාත්මක දරු පරපුරක් රටට දයාද කළ හැකිය.

No comments:

Post a Comment