Saturday, July 30, 2016

වීදී සමනලියන්......


 
තමන්ගේ ජිවිතය ගෙන යෑම සදහා අවශ්‍ය මේ මාර්ගය යැයි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සිදු කරන ගණිකා වෘත්තිය ලොව පැරණිම වෘත්තින්ගෙන් එකකි. මේ අනුව යුරෝපය තුළ පමණක් නොව ආසියාතික කලාපයේද මෙය ප‍්‍රබල ලෙස ක‍්‍රියාත්මක වෙයි. ඒ අතරින් තායිලන්තය ආදි රටවල එය නෛතික ස්වරූපයක් ගත්තද, ශ‍්‍රී ලංකාව තුළ නීතියට පටහැනි ක‍්‍රියාවක් ලෙස මෙය හදුනා ගැනේ. නමුත් ලංකාව තුළ ගණීකා වෘත්තිය නැත්තෙ යැයි කිවොත් මම වැරදිය. රහසිගතව ක‍්‍රියාත්මක වන ව්‍යාපාරයක් ලෙස නුතනයේ ලාංකීය ගණීකා වෘත්තිය ගත හැකිය.
රජ කාලයේ අන්තප්පුර සහා ග‍්‍රාමීය සමාජය තුළ එකගෙයි කෑම වැනි සංස්කෘතික ලක්ෂණ දැකගත හැකි වුවද නුතන සමාජ වටපිටාව තුළ කාන්තාවගේ අයිතීන් සුරකීම උදෙසා නෛතීක ක‍්‍රමයන් තුළ කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කොට ඇත. නමුත් තම එදා වේල සරි කර ගන්නට ඇතැම් කාන්තාවන් මෙම වෘත්තිය සිදු කරයි. මේ අතර වීදි ගණීකාවන් ප‍්‍රමුඛ ස්ථානයක් ගනී.


 
 කොළඔ ඇතුළු සෑම නගරයකම ඔවුන් දැකගත හැකිය. මුළු දවස පුරා පුයර උලාගෙන තමන්ගේ මීළග ගැණුම්කාරයා දැන් පැමිණෙවී කියා කඩ සාප්පු ඉදිරියේ ඔවුන් සිටගෙන සිටි. කොළඔ බස් තැවතුම් පළ හො දුම්රිය ස්ථානයේ සිටින ඔවුන් කවුරුන් හෝ කතා කළ විට සෙමින් ඔහු සමග ලිස්සා යයි. පොළිසියෙන් බණින අවස්ථාවල වෙන කාටදෝ බණින අයුරක් පෙන්වා සෙමින් ඉන් ගැලවී යයි. ඇතැම් දවස් වල එකම පිරිමියාට රණ්ඩු වී කුණු හරපයෙන් බැණගනී. මේ අයුරින් ඔවුන් ඒ තුළ වෙනම උප සංස්කෘතියක් ගොඩ නගයි.
බැලු බැල්මට සෞඛ්‍ය පිළිබද කිසිම උනන්දුවක් නැති ඔවුන් සමග යන පිරිමින්ට ඇතැම් දිනයක කිසිසේත් සුව කළ නොහැකි සමාජ රෝගයක් වැළදෙනු නොවනු මානය. හැගිමට නොව තම ජිවිතයටද අවධානමක් ගෙන මෙසේ විදී ගණීකාවන් සම්බන්ධතා පැවැත්වීම කිසිවිටකත් සිදු නොකළ යුතුය. ඒ හා සමානව එම කාන්තාවන්ටද මෙම රොගී තත්වයන් ඇති විය හැකිය. එමගින් ඔවුන්ගේ පවුල් තුළටද එය ඇතුල් විය හැකිය. ඒ පිළිබද අවධානයට ලක් කිරිමත් ඉතා වැදගත්. කොළඔ නගරය ප‍්‍රමුඛ කරගත් මෙම වීදි ගණීකාවන් නීරික්ෂණය කිරිමේ දී ඒ බව මැනවින් හදුනාගත හැකිය.
මෙය සමාජයක පැවැත්මට බාධකයකි. මන්ද මෙවැනි අනාරක්ෂිත ව්‍යාපාර මගින් දිනෙන් දින සමාජය පරිහානියට පත්වේ. සදාචාරය, සභ්‍යත්වය පිළීබද අවධාරණය කිරිමකට වඩා මෙය දෛනික නිරෝගිතාවයටද වැදගත් වේ.





6 comments:

  1. අද කාලෙට කතා කල යුතු දෙයක්. වෙනස් විදිහට කියලා තියනවා.

    ReplyDelete