හොකී ක‍්‍රීඩාවේ ඉතිහාසය

වින්දනය, ජවය මුසු කරමින් ජාත්‍යන්තර සම්මත ක‍්‍රමවේදයට අනුව කණ්ඩායම් සමාජිකයින් 18 දෙනෙකුගෙන් යුක්ත වන අතර, අද වන විට දේශීය වශයෙන් පාසල්, විශ්ව විද්‍යාල, ක‍්‍රීඩා සංගම් ආදීය මෙන්ම නොයෙක් ආයතනයන් හා දෙපාර්තුමේන්තු තම අනන්‍යතාවය ආරක්ෂා කර ගැනිම සදහා කණ්ඩායම් නියෝජනය කරයි. මෙය උද්යෝගීකර ක‍්‍රීඩාවක් වන අතර ශ‍්‍රි ලංකාව තුළ විවිධ වයස් මට්ටම් වන් පවත්වන මෙය ඉතා ජනප‍්‍රිය ක‍්‍රීඩාවකි. එහි ඉතිහාසය යටත් විජිත සමය දක්වා ඈතට දිව යන්නකි. එනම්,
හොකී කී‍්‍රඩාව ශී‍්‍ර ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ මෙරට වැවිලි කර්මාන්තය ආශි‍්‍රතව කටයුතු සඳහා පැමිණ සිටි බි‍්‍රතාන්‍ය වතු පාලකයින් හා ආරක්ෂක කටයුතු සඳහා පැමිණ සිටි හමුදා භටයින් විසිනි. ඔවුන් විසින් කවර වසරක කෙසේ මේ කී‍්‍රඩාව ලංකාවට හඳුන්වා දුන්නේදැයි නිශ්්චිත වශයෙන් ප‍්‍රකාශ කළ නොහැකි ය. මෙරටට පැමිණි සෙසු කී‍්‍රඩා මෙන්ම මෙය ද ඔවුන්ගේ විනෝ්දාත්මක හා ශරීර සුවතා මාධ්‍යයක් වශයෙන් භාවිත කරන්නට ඇත. පසු කාලයේ දී ලාංකිකයන් ද මෙයට සහභාගී වන්නට ඇත. මේ කී‍්‍රඩාව සඳහා වෙන් වූ කී‍්‍රඩා සමාජ 1900 තරම් ඈත ගණන්වල පිහිටුවා තිබුණු බවත් ඒ අතරින් වඩා ප‍්‍රමුඛත්වයට පත් වූයේ කොළඹ හොකී සහ පාපන්දු සමාජය බව පෙනේ.
 ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම හොකී තරඟාවලිය 1909 වර්ෂයේ දී පවත්වා ඇති අතර, එය ”මුවර් පලිහ තරඟාවලිය” ලෙස නම් කරනු ලැබීය. මේ ශූරතා පලිහ ප‍්‍රදානය කරන ලද්දේ එවකට ආණ්ඩුකාරවරයා වූ සර් හෙන්රි මුවර් විසිනි. එම තරඟාවලිය 1922 වර්ෂය දක්වා අඛණ්ඩව පවත්වා ඇත. ප‍්‍රථම ජාත්‍යන්තර හොකී තරඟය 1932 දී ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පවත්වා ඇත. ලංකා කණ්ඩායමට යුරෝපීය ජාතිකයන් 04ක් සහ ශී‍්‍ර ලාංකිකයන් 07ක් සහභාගී වූහ. 1932 වර්ෂයේ දී ලංකා හොකී සංගමය ආරම්භ කරන ලදි. ඉන් පසුව එම සංගමය මඟින් ජාතික හා ජාත්‍යන්තර තරඟ සංවිධානය කරන ලදී. 1953 වර්ෂයේ දී ඉන්දියාවේ තරඟාවලි කිහිපයකට ශී‍්‍ර ලංකා කණ්ඩායම ද සහභාගී වී ඇත.
 ශී‍්‍ර ලංකාවට පැමිණි ප‍්‍රථම විදේශීය හොකී කණ්ඩායම වන්නේ ඇප්ගන් ඔලිම්පික් කණ්ඩායම යි. ඒ 1947 වසරේ දී ය. 1948 දී ඉන්දීය ඔලිම්පික් කණ්ඩායම ද පැමිණ ඇත. 1950 දශකය වන විට මෙම කී‍්‍රඩාව පාසල්වලත් ක‍්‍රීඩා සමාජවලත් ජනප‍්‍රිය වන්නට විය. හොකී ක‍්‍රීඩාව සඳහා ලංකාවේ දැනට කෘතිම ක්‍රීඩාංගණ දෙකක් තිබේ . ලංකාවේ දැනට කෘතිම ක්‍රීඩාංගණ දෙකක් තිබේ- එය මාතලේ සහ කොළඔ පිහිටා ඇති ලංකාවේ දැනට කෘතිම ක්‍රීඩාංගණ දෙකක් තිබේ- එය මාතලේ සහ කොළඔ පිහිටා ඇති එය මාතලේ සහ කොළඔ පිහිටා ඇති අතර අනෙක් ස්ථානවල ස්වභාවික තණනිල්ල මේ සඳහා භාවිත කරයි. ශී‍්‍ර ලංකාවේ හොකී සම්මේලනය ජාත්‍යන්තර හොකී සම්මේලනයේත් ආසියානු හොකී සම්මේලනයේත් සාමාජිකත්වය ගෙන ඇත. ජාතික මට්ටමින් හොකී කී‍්‍රඩාව පුහුණු කිරීමට මෙන්ම ගම්බද මට්ටමින් එය ප‍්‍රචලිත කිරීම සඳහා උත්සාහ දරනු ලබයි. මේ යටතේ මහියංගනය, මාතර, කෑගල්ල සහ කුරුණෑගල යන ප‍්‍රදේශවල මේ කී‍්‍රඩාව ව්‍යාප්ත කිරීමට කටයුතු කර ඇත.

6 comments:

  1. Nice work nangi. This will be useful to all Hockey players who are interesting to know about the history of our game.

    ReplyDelete
  2. මම හොකි කැප්ටන් කෙනෙක් 12 පහල

    ReplyDelete