ලාංකීය සමාජය තුළ විවිධ සංස්කෘතින්ට අයත් නොයෙක් ජන කණ්ඩායම් රාශියක් දැකගත හැකිය. ඔවුන් තම ආර්ථික, දේපාලනික, සමාජිය සහා වින්දනාත්මක කාර්යයන් එයට අයත් රාමුව යටතේ සිදු කරයි. මේ අනුව නොයෙක් ජාතීන් හදුනා ගැනිමේදී මුස්ලිම් ජාතිකයන් විශේෂ වැදගත් කමක් ගනි. ඔවුන් ආගමික වශයෙන්ද ඇදුමෙන්ද, චාරිත‍්‍ර වාරිත‍්‍ර තුළින්ද වෙනස් රාමුවක් ගොඩ නගයි. කාන්තාව සහ අයිතීන් ගැන කතා කරන සමාජයේ මුස්ලිම් ජාතික කාන්තාව සහ ඇදුම මෙන්ම ඒ තුළ ඇයට ඇති නිදහස පිළිබද වැඩි වැඩියෙන් කතා කරන්නට වෙයි. නමුත් කිසිම දිනක එක`ගතාවයකට පැමිණ නැත. ඇතැම් අය මෙම නිදහස සහ අයිතිය ගැන පොත් පවා ලියන්නට විය.
මෙවන් තත්වයක් තුළ ලාංකීය මුස්ලිම් තරුණිය අනෙක් සමාජයේ වෙසෙන තරුණියන්ට වඩා යම් යම් දේ වලට යොමු වීමට මැලි කමක් දක්වයි. ඒ අතින් ක‍්‍රීඩාව කැපි පෙනෙයි. පාසල් කාලය තුළ යම් පමණින් හෝ සහභාගීත්වයක් දැකගත හැකි මුත් විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය තුළ එය ඉතාම අල්ප වශයෙන් දැකිය හැකිය. මෙවැනි සමාජයක් තුළ ලාංකීය මුස්ලිම් තරුණියන් සරසවිය තුළ ක‍්‍රීඩාවට යොමු වෙනවානම් ඒ ඉතාම අල්ප වශයෙනි. ඇතැම් විට සොයා ගැනිමටවත් නොමැති තරම්ය. එවිට අප කෑ ගසන්නේ කාන්තාව සිර කර ඇති බව කියාය. මමත් මේ මතයේ බොහෝ කල් සිටි නමුත් මෑතකදී මාගේ දෑස් ඉදිරිපිටම එය බොරුවක් වුහ.
මැලේෂියාවේ ”පිනැංග්” විශ්වවිද්‍යාලය යනු නොයෙක් රටවලින් අධ්‍යාපනය හැදැරිම පිණිස තරුණ තරුණියන් එක්තැන් වු දැනුම් ගුහාවකි. ආසියාවේ බොහෝ රටවල් නියෝජනය කරමින් විවිධ සංස්කෘතික තළ වල තරුණ තරුණියන් මෙහි අධ්‍යාපනය හදාරයි. ඒ අනුව පැවති ජාත්‍යන්තර ක‍්‍රීඩා තර`ගයකට සහාභාගි වු අපට දැකගත හැකිවුයේ ඔවුන්ගේ අනන්‍යතාවය රැකගනිමින් ඔවුන් ඔවුනට හිමි සියලු වරප‍්‍රසාදයන් ලබා ගැනිමයි. ක‍්‍රීඩාවේ කිසිම අඩුවක් නොදැක්ක ඔවුන් ජයග‍්‍රහණය කළේ තම ක‍්‍රීඩාව පමණක් නොව සංස්කෘතියයි. සංස්කෘතික සහජිවනය තුළ ලංකාවේ මුස්ලිම් කාන්තාවගේ ඇදුම පිළිබද කෙතරම් කතා කොට ඇත්ද, වාද විවාද කොට ඇත්ද මේ සියල්ල බොරුවක් යැයි මට හැගේ. සංස්කෘතිය තුළ සීමා පණවා ගන්නේ අපමය. ඒ තුළ සීමා වී අනවශ්‍ය ලෙස එයටම කොටු වී නිදහස නැති යැයි කියන්නේ අපමය. එය යම් දිනක තෙරුම් ගත්විට ලාංකීය සමාජය තුළද මුස්ලිම් කාන්තාවට මෙවැනි ප‍්‍රශ්න ඇති නොවෙනු නොවනුමානය.
Elaazz!!!
ReplyDeletethank you akki
Delete