විශ්වීය ඖෂධය.....

අයිස් කන්දක් වටා ගෙතුණු කතාන්දරයක් මෙන් ක්‍රිඩාව පිළිබදවද බොහෝ දේ කතා කිරිමට ඇත. අප සැවොම ක්‍රිඩාව යන්නෙන් හදුන්වන්නේ ජවය, ශක්තිය පිළිපුන් නිරෝගි කායික, මානසික වින්දනයක් ලබා දෙන්නා වු දෙයක් ලෙසය. ඇත්තෙන්ම එය එසේ වුවත් ඉන් පරිභාහිරව බොහෝ දේ මේ තුළ හදුනා ගත හැකිය.
සංස්කෘතිය හා  සන්නිවේදනය පිළිබද අධ්‍යනයේදී අප මුලික ලෙස මානව සන්නිවේදනය ( Human Communication ) හදුනාගනු ලබයි. මන්ද ඒ තුළ ඇති සාමුහික සන්නිවේදනයක් බැවිනි. මේ අනුව ක්‍රිඩාව තුළද විශේෂයෙන් කණ්ඩායම් ක්‍රිඩා වලදී මේ පිළිබද අප එතරම් නොතැකුවද සන්නිවේදනයේ දුර්වලතාවයක් සිදු වු විට ඇතැම් අවස්ථා වලදී සමස්ත තරගයම පරාජය වන්නට ඉඩ ඇත.
කණ්ඩායමක් යනු තනි තනි වශයෙන් නොව පුද්ගල දාමයකි. ඔවුන්ගේ දක්ෂතා හැකියා විවිධාකාර  විය හැකිය. එවායේ සංකලනයේ ප්‍රතිඵලයක් ලෙස අති දක්ෂ කණ්ඩායමක් බිහි විය හැකිය. නමුත් එක් අයකුගේ අතපසු විමක් තුළ ගැටලුකාරි අවස්ථා රාශියක් මතු වන්නට හැක. මේ තත්වය නිසා ක්‍රිඩාව තුළ සන්නාවේදනය ප්‍රමුඛ තාවයක් ගනි.
එකි සන්නිවේදනය වාචික පමණකුදු නිර්වාචිකවද ඉදිරිපත් තළ හැකිය. මේ අනුව එය පසදුරන් මගින් කරන්නා වු සංඥාවක් වුවද විය හැකිය. එය සංජානනය හා බැදී ඇති අතර මේ පිළිබද මනා වැටහිම මගින් සාර්ථක ක්‍රිඩාවක නිරත විය හැකිය.
මේ අයුරින් හදුනා ගැනිමේදී ක්‍රිඩාව යනු එක්තරා අයුරකට සංස්කෘතිය හා මානව සන්නිවේදනය යා කරන පවුරකි. අනෙක් අතට දීර්ඝායුෂ ලබා පානය කරනා දිය බිදකි. මේ හා උත්කෘෂ්ඨාර්ථයෙන් හදුනා ගන්නා ක්‍රිඩාව කායික මෙන්ම මානසික සුවින්දනයට ඖෂධයකි. මේ මගින් පුද්ගලයාගේ බාහිර මෙන්ම අභ්‍යන්තරික වශයෙන් මනා සංයමයක් ඇති කිරිමට මෙහි ඇති ශක්තිය ඉමහත්ය.

No comments:

Post a Comment