Sunday, August 28, 2016

රජ අඩවියටත් රිංගු හැකර්

නුතනයේ තාක්ෂණික වශයෙන් ලබන්නා වු දැනුමට සාපේක්ෂව එයින් මිනිසා ලබන්නා වු පරිහානියද ක‍්‍රමක් ක‍්‍රමයෙන් වර්ධනය වීම දැකගත හැකිය. මේ දිනවල ලාංකීය සමාජයේ බොහෝ දෙනා කතා බහට ලක් කරනුනේ හැකර්ස් ගැනය. පසුගිය දිනක විශ්වවිද්‍යාලය තුළින් අසන්නට ලැබුණ මෙය මීට දින කිහිපයකට කලියෙන් ජනපති කාර්යයාලය තුළින්ද අසන්නට ලැබුණි. ලෝකයේ බොහෝ කතා බහට ලක් කළ මෙම සයිබර් අවකාශයේ සැරිසරන හැකර්ස්ලගේ තොරතුරු මේ දිනවල අපේ රටේ මිනිස්සුද සොයන්නට ආරම්භ කර ඇති.
තාක්ෂණයත් සම`ග නව මාධය තුළ අන්තර්ජාලය ඇතුළු සමස්ථ ජාලාව පුරාම සැරිසරන මොවුන් ජනප‍්‍රීය සංස්කෘතියේ අභාෂයෙන් නිර්මාණය වන්නට විය. ඔවුන් ලාභය, විරෝධය, අභියෝග, අශ්වාදය සහ වින්දනය පදනමින් මෙවැනි කාර්යයන් සිදු කිරිම දැකගත හැකිය. කුමන අරමුණින් මෙය සිදුකළත් නෛතීක තත්වය තුළ එය සයිබර් අපරාධයක් ලෙස හදුනාගැනේ.
Computer System  සහ Network System  තුළට බලහත් කාරයෙන් රිංගා එහි දත්තයන් වංචනික අයුරින් ලබා ගැනිම සිදු කරයි. මේ අනුව ලොව ප‍්‍රථම හැකර්ස් ප‍්‍රහාරය 1983 වර්ෂයෙන් ආරම්භ වීම දැකිය හැකිය. ඒ අනුව ඇමරිකාව,  ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ඉශ‍්‍රායලය, නෙදර්ලන්තය සහ එන්සත් රාජධනිය ආදී රටවල මෙය බහුල ලෙස ව්‍යාප්ත වීම දැකගත හැකිය. මේ තුළ තොරතුරු, මුල්‍යමය, පෞද්ගලික ආදී වශයෙන් නොයෙකුත් අපරාධයක් සිදු කොට ඇත. මේ අයුරින් හදුනාගත හැකි හැකර්ස් වර්ග කිහිපයකි. එනම්,


Rookie Hacker
 
Beginner Hacker

Intermediate Hacker

Expert Hacker

Illegal Hacker

මේ අයුරින් නොයෙක් මට්ටම් යටතේ හැකර්ස්ලා හදුනාගත හැකිය. මේ නිසා වර්තමානයේ තාක්ෂණය සහ තොරතුරු හැසිරවීමේ දී මිනිසා මහත් දුෂකරතාවයකට මුහුණ දී ඇත. එය වර්තමානයේ අපේ රටද මුහුණ දී ඇත. මේ අනුව පෞද්ගලික මටිටමින් හෝ ආයතනමය මට්ටමින් තමන්ගේ සයිබර් අවකාශයේ තිබෙන්නා වු වටිනා දෙපළ ආරක්ෂා කර ගැනිම සදහා ක‍්‍රියාත්මක විය යුතුයි. ඒ අනුව ඇතැම් විට කෙතරම් ආරක්ෂක තත්වයක් තුළ දී පවා මෙම වංචනික ක‍්‍රියා සිදු විය හැකිය. එය ඔබගේ ජංගම දුරකතනය ම`ගින්, විද්‍යුත් තැපැල් ක‍්‍රම ම`ගින් හො ඔබ නිතර භාවිත කරන ෆේස් බුක් හරහා සිදු විය හැකිය. එම නිසා ඒවායෙහි ආරක්ෂක තත්වයන් නිවැරදී යැයි විමසුමට ලක් කළ හැකිය. මේ අනුව අන්තර්ජාලය හරහා වංචනික අයුරින් මෙසේ ලබා ගන්නා දත්තයන් ම`ගින් ඔවුන් වැරදි දේ කළ හැකිය. එම නිසා අවධානයෙන් සිටිය යුතුය. එවිට අපට හැකර්ස්ලගෙන් සිදුවන හිරිහැරය ම`ග හරවාගත හැක. 

ලොකයේ නොයෙක් හැක් කළ සිද්ධි අධ්‍යයනය කිරිමේ දී පැහැදිළි වනුයේ බොහෝ ඒවා තරැණයන් විසින් ආශ්වාදය සදහා කර ඇති බවයි. ඇතැම් ඒවා සමාජ සුභසාධන කාර්යයන් සදහා කර ඇත. නමුත් මේ කිනම් අයුරකින් සයිබර් දත්තයක් වංචනික ලෙස ලබා ගන්නේ නම් එය අපරාධයකි. මේ අනුව තමන්ගේ දත්තයන් සයිබර් අවකාශය තුළ ඇත්නම් ඒවා ඒවායේ ආරක්ෂාව සදහා ඊට ගැළපෙන්නා වු ආරක්ෂක පිළිවෙත් අනුගමනය කරන්න. එවිට හැකර්ස්ලගෙන් සම්පුර්ණයෙන් නොවුවත් යම් තරමක හො ආරක්ෂාවක් එමගින් හිමි වෙයි.

Saturday, August 27, 2016

ගවේශනය.........

අතීතයේ වැලි පුවරුවේ තබා අකුරු කී ලාංකීය සමාජයේ ළමා පරපුර අද තාක්ෂණයත් සම`ග පරිගණකය අභියසට පැමිණ තම අධ්‍යයන කටයුතු කිරිමට පටන්ගෙන ඇත. මාර්ෂල් මැක්ලූහම් හ`දුන්වා දුන් විශ්ව ගම්මාන සංකල්පය යටතේ සිය අතැ`ගිලි මතට දැනුම නුතනයේ ගලා එයි. ඒ අනුව සාම්ප‍්‍රදායික අධ්‍යයනයෙන් ඈත්ව දරුවා අද වන විට අන්තර්ජාතික තොරතුරු ලබා ගතහැකි ගවේශකයකු බවට පත්ව ඇත. ස්වං අධ්‍යයන ක‍්‍රමයක් යටතේ මාර්ගෝපදේශකයකුගේ මැදිහත් වීමක් නොමැතිව වුවද තම අධ්‍යයනය කටයුතු සිදු කළ හැකිය. ඒ අනුව පාසලේ දී ලබන්නා වු දැනුමට අතිරේක දැනුමක් අන්තර්ජාලය තුළින් ලබා ගැනිමට මේ යටතේ හැකියාව ලැබේ. නව සොයාගැනිම්, සාහිත්‍ය නිර්මාණ, විවිධ මාතෘකා යටතේ සිදුකළ පර්යේෂණයන් මෙමගින් අධ්‍යයනය කරන්නට හැකිය. 

ගවේශනාත්මක අධ්‍යාපන ක‍්‍රමය මේ තුළ ඉතා ඵලදායි අන්දමින් සිදුවේ. නමුත් කාලයත් සම`ග දරුවන් නොයෙකුත් වීඩියෝ ක‍්‍රීඩා, ප‍්‍රචණ්ඩත්වය මුසු චිත‍්‍රපට සහ අසැබි දසුන් නැරඔිම පර්ගණකය ඇසුරින් සිදු කෙරේ. ඒ අනුව දරුවා පරිගණකය අසල තනි වීම නිසා ඔවුන්ගේ මනස අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ප‍්‍රදර්ශනය වන්නා වු රූපමය දේ කෙරෙහි ආකර්ෂණයක් ඇති විමට ඉඩකඩ ඇත්තේය. එවැනි අවස්ථා ලාංකීය සමාජය තුළ බොහෝමයක් වාර්තා වී ඇත. 

වැඩෙන වයසේ සිටින දරුවා එම`ගින් නොමගට යොමු විමට ඇති ඉඩකඩ බොහෝ නිසා දෙමාපියන් මේ පිළිබද ඉතා සුපරික්ෂාකාරී විය යුතුය. ඔවුන් පරිගණකය හා සම්බන්ධ වීමේදී ඔවුුන් කරන්නා වු දේවල් පිළිබ`ද අවධානයෙන් පසු විය යුතුය. නැතිනම් මේ හුරුව දිගින් දිගටම ගමන් කිරිමේදි දරුවා ප‍්‍රචණ්ඩ පුද්ගලයකු විය හැකිය. ඇමරිකාව,  ඕස්ටේ‍්‍රලියාව වැනි රට වල සිදු කළ පරික්ෂණයන් ම`ගින් පැහැදිළි වුයේ ඒ රටවල ළමුන් ප‍්‍රචණ්ඩ මානසික ක‍්‍රීයා වලට යොමු වු ප‍්‍රධානම හේතුව ඔවුන් දිගින් දිගටම අන්තර්ජාලය හෝ පරිගණකය ඇසුරෙන් නොයෙක් ප‍්‍රචණ්ඩත්වය මුසු දර්ශන නැරඔිමයි. 

ගවේශනාත්මක අධ්‍යාපන ක‍්‍රමක් තුළ තීක්ෂණ බුද්ධියෙන් යුතු පරපුරක් බිහි වෙනවා මෙන්ම එය අනිසි ලෙස භාවිතයෙන් ඔවුන්ගේ සහ අනාගත පරම්පරාව විනාශ වී යන්නේය. සෑම දෙයකම අනිතයන් දෙකක් ඇත්තේය. එක් මාර්ගයක් හොද නම් අනෙක නරකය. එය මැනවින් තෙරුම් ගෙන ළමුන් සේම වැඩිහිටියන්ද ක‍්‍රියා කිරිම තුළ බුද්ධියෙන් පිරිපුන් ගවේශනාත්මක දරු පරපුරක් රටට දයාද කළ හැකිය.

Wednesday, August 24, 2016

නිමා වු වසන්තය......


අප සියලු දෙනාට මේ මිහිතලය තුළ ජිවත් විමට බලාපොරොත්තවක් ඇත. එය එක්තරා අයුරකින් සුන්දර සිහිනයකි. එය කවදා හෝ සැබැ වේ යන අරුතින් ඒ සදහා උපරිමයෙන්ම කැප වෙයි. එය සමාජයේ ළදරුවාගේ සිට වයස් ගත පුද්ගලයා දක්වාම අදාළ වේ. සිග්මන් ප්‍රෝයිඞ් මනෝවිශ්ලේණන වාදයේ සදහන් කරන පරිදි අපි මැරෙන තුරාවට සිහින තුළ ජිවත් වෙයි. ඒ සදහා කැප වෙයි.

ඒ අනුව ක‍්‍රීඩකයකු සතු එකම සිහිනය නම් ඔලිම්පික් වරම් ලබා ගැනිමයි. එය ඔහුගේ හෝ ඇයගේ උපරිමයයි. මේ අනුව රියෝ 2016 ඔලිම්පික් උළෙල පසුගිය දින නිමාවට පත් වුයේ ලෝකයේ සුපිරි ක‍්‍රීඩනයන්ගේ සුන්දර සිහින පොකුරක් සැබැවට පත් කරමිනි. ක‍්‍රීඩකයෙකුට ඔලිම්පික් යන්නට වරම් ලැබිම මෙන්ම එයින් ජයග‍්‍රහණය කිරිමට ලැබිමත් මහත් වු භාග්‍යයකි. නොයෙක් ක‍්‍රීඩා ඉසව් වලින් ජයග‍්‍රහණය කර රනින්, රිදියෙන් සහ ලෝකඩින් තම මව් රට බැබළවුවන් බොහෝය. නමුත් ඒ ඔස්සේ ඔලිම්පික් විශේෂ සිදුවීම් රැසක් මෙවර වාර්තා වීම දැකිය හැකිය. ඒ අනුව ජයග‍්‍රහණය, පරාජය, ක`දුල, ආදරය, සිනහව මෙන්ම වේදනාවද බොහෝ තැන් වල ප‍්‍රදර්ශනය විය. 


ක‍්‍රීඩා ලෝකයේ අති දක්ෂයන් සිහින පසුපස හඔායන තර`ගාවලියක් ලෙස ඔලිම්පික් හදුනාගත හැකිය. එහි ඇති උද්වේග කර බව නිරන්තරයෙන් පෙනෙන්නට විය. ඇතැම් විට ඔවුන් මේ සදහා පුහුණු වුයේ කුඩා කළ සිට විය හැකිය. 


චීනය වැනි රටවල් ඔලිම්පික් තර`ගාවලියට තම දරුවා පුහුණු කරනුයේ ඔහුට හෝ ඇයට නොතෙරෙන කුඩා වියේ දී පටන්ය. තමන් අතර මෙන්ම රටවල් අතර ද පවත්නා තර`ගකාරී භාවය නිසා මෙය තවත් උණුසුම් කාරී වී ඇත. මේ හරහා ලොවම ජයගත් අය ඇති අතර තම බලාපොරොත්තු සුන් වු අයද ඇත්තේය. නමුත් සිහිනය කවදා හෝ සැබැ වෙයි. ඒ මේ ගෙවී ගිය රියෝ උළෙලේ නොවන  යළිදු පැමිණෙන ඔලිම්පික් උළෙලේය. සැබැවින්ම රිද්මයට එක් කළාවු තර`ගකාරිත්වය මුසු මෙය වසන්තයක්මය. අප එදිනට සුභපතන්නෙමු.

Wednesday, August 17, 2016

අනන්‍යතාවය තුළ හිමි වරප‍්‍රසාදය......


ලාංකීය සමාජය තුළ විවිධ සංස්කෘතින්ට අයත් නොයෙක් ජන කණ්ඩායම් රාශියක් දැකගත හැකිය. ඔවුන් තම ආර්ථික, දේපාලනික, සමාජිය සහා වින්දනාත්මක කාර්යයන් එයට අයත් රාමුව යටතේ සිදු කරයි. මේ අනුව නොයෙක් ජාතීන් හදුනා ගැනිමේදී මුස්ලිම් ජාතිකයන් විශේෂ වැදගත් කමක් ගනි. ඔවුන් ආගමික වශයෙන්ද ඇදුමෙන්ද, චාරිත‍්‍ර වාරිත‍්‍ර තුළින්ද වෙනස් රාමුවක් ගොඩ නගයි. කාන්තාව සහ අයිතීන් ගැන කතා කරන සමාජයේ මුස්ලිම් ජාතික කාන්තාව සහ ඇදුම මෙන්ම ඒ තුළ ඇයට ඇති නිදහස පිළිබද වැඩි වැඩියෙන් කතා කරන්නට වෙයි. නමුත් කිසිම දිනක එක`ගතාවයකට පැමිණ නැත. ඇතැම් අය මෙම නිදහස සහ අයිතිය ගැන පොත් පවා ලියන්නට විය.

මෙවන් තත්වයක් තුළ ලාංකීය මුස්ලිම් තරුණිය අනෙක් සමාජයේ වෙසෙන තරුණියන්ට වඩා යම් යම් දේ වලට යොමු වීමට මැලි කමක් දක්වයි. ඒ අතින් ක‍්‍රීඩාව කැපි පෙනෙයි. පාසල් කාලය තුළ යම් පමණින් හෝ සහභාගීත්වයක් දැකගත හැකි මුත් විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය තුළ එය ඉතාම අල්ප වශයෙන් දැකිය හැකිය. මෙවැනි සමාජයක් තුළ ලාංකීය මුස්ලිම් තරුණියන් සරසවිය තුළ ක‍්‍රීඩාවට යොමු වෙනවානම් ඒ ඉතාම අල්ප වශයෙනි. ඇතැම් විට සොයා ගැනිමටවත් නොමැති තරම්ය. එවිට අප කෑ ගසන්නේ කාන්තාව සිර කර ඇති බව කියාය. මමත් මේ මතයේ බොහෝ කල් සිටි නමුත් මෑතකදී මාගේ දෑස් ඉදිරිපිටම එය බොරුවක් වුහ.

මැලේෂියාවේ ”පිනැංග්” විශ්වවිද්‍යාලය යනු නොයෙක් රටවලින් අධ්‍යාපනය හැදැරිම පිණිස තරුණ තරුණියන් එක්තැන් වු දැනුම් ගුහාවකි. ආසියාවේ බොහෝ රටවල් නියෝජනය කරමින් විවිධ සංස්කෘතික තළ වල තරුණ තරුණියන් මෙහි අධ්‍යාපනය හදාරයි. ඒ අනුව පැවති ජාත්‍යන්තර ක‍්‍රීඩා තර`ගයකට සහාභාගි වු අපට දැකගත හැකිවුයේ ඔවුන්ගේ අනන්‍යතාවය රැකගනිමින් ඔවුන් ඔවුනට හිමි සියලු වරප‍්‍රසාදයන් ලබා ගැනිමයි. ක‍්‍රීඩාවේ කිසිම අඩුවක් නොදැක්ක ඔවුන් ජයග‍්‍රහණය කළේ තම ක‍්‍රීඩාව පමණක් නොව සංස්කෘතියයි. සංස්කෘතික සහජිවනය තුළ ලංකාවේ මුස්ලිම් කාන්තාවගේ ඇදුම පිළිබද කෙතරම් කතා කොට ඇත්ද, වාද විවාද කොට ඇත්ද මේ සියල්ල බොරුවක් යැයි මට හැගේ. සංස්කෘතිය තුළ සීමා පණවා ගන්නේ අපමය. ඒ තුළ සීමා වී  අනවශ්‍ය ලෙස එයටම කොටු වී නිදහස නැති යැයි කියන්නේ අපමය. එය යම් දිනක තෙරුම් ගත්විට ලාංකීය සමාජය තුළද මුස්ලිම් කාන්තාවට මෙවැනි ප‍්‍රශ්න ඇති නොවෙනු නොවනුමානය.

Tuesday, August 16, 2016

මොබයිල් පෙම


 මිනිසා  21 වන සියවස තුළ සමාජය තාක්ෂණික ක‍්‍රියාවන්ගෙන් පරිපුර්ණ ජිවියකු බවට පත් වී හමාරය. ඔවුන් සියලු දේ සිදුකරනුයේ තාක්ෂණය මුසු කරගෙනය.ඒ අනුව අතීතයේ දුෂ්‍යයන් සහ සාකුන්තලා අතර පැවති ආලය හෝ රොමියො ජුලියට් අතර පැවති ආදරය වචනයට පමණක් සීමා වී ඇත. ආදරයද නුතනයේ තාක්ෂණය සහ මුසු වීම දැකිය හැක. පෙම් හසුන් මගින් ලියවු, හමුවී දොඩමළු වු ආදරය අද මොබයිල් ෆොන්, ෆෙස් බුක් ආදි ජාල මගින් ගලා යයි.
තාක්ෂණය සමග ගමන් කරන නුතන මිනිසාගේ ආදරයත් ජංගම වීමක් දැකිය හැක. සමාජය සංකීර්ණ විමත් සමග මිනිසා කාර්යය බහුල වීමත් සමග ඔවුන් සෑම දෛනික ක‍්‍රියාවන් සදහාම තාක්ෂණය ඉවහල් කර ගනියි. මේ අනුව අන්තර්ජාලය ප‍්‍රමුඛ සමාජ ජාල, ජංගම දුරකතන ආදිය මගින් නුතනයේ බොහෝ කාර්යයන් සිදුකර ගැනිම දැකගත හැකිය. මේ අනුව ආදරයද නුතනයේ ජංගම ස්වරූපයක් ගනියි. හමු වී කතා කිරිමට නොහැකිව ලත වු පෙම්වතුන් අද ජංගම දුරකතන හෝ අන්තර්ජාලය භාවිතයෙන් ළග සිටින්නා සේ කතා කරයි. ඔවුනට හමු වීමටම ඒ නිසා අවශ්‍ය නොවේ. මෙය එක් අතකින් ස්පර්ෂයෙන් ළබන්නා වු පෙම්වතුන්ගේ ආදරයක් නොවුවත් කාර්ය බහුල සමාජයක මිනිසාට සැනසිලි දායක දෙයකි. නමුත් කාලයත් සමග මෙම තාක්ෂණය භාවිතයෙන්ම ඔවුන් වැරදි ක‍්‍රියා වලට යොමු විම දැකිය හැකිය. තම ජංගම දුරකතනයට එන එක් මිස් කොල් එකක් පේ‍්‍රමයකට පෙරලිමද නුතනයේ බොහෝ සිද්ධි අධ්‍යයනයේදී දැකගත හැකිය.
එමෙන්ම පරිගණකය අභියස සිටින කාලය තුළ තම අනවශ්‍ය කාලය කා දැමිම සදහා නොයෙක් පුද්ගලයන් හා කතා කරන විට නොයෙක්  සම්බන්ධතා නොදැනුවත්වම ඇති වේ. මන්ද පරිගණකය අබියස තනි වන ඔහුගේ හෝ ඇයගේ සිත නිදහසේ තම හැගිම් වලට පමණක් මුල්තැන දෙන බැවිනි.   මේ පිළිබද ලෝකය මෙන්ම ලාංකීය සමාජය තුළින්ද බොහෝ නිදසුන් ගත හැකිය. නිශ්චිත පුද්ගල අනන්‍යතාවයක් තහවුරු කිරිමට නොහැකි මේ තුළ බොහො තරුණ තරුණියන් අමාරුවේ වැටිම දැකිය හැකිය. ඇතැම් විට තම පෞද්ගලිකත්වය පවා විනාශ කිරිමට එම පේ‍්‍රමයට හැකියාව ලැබේ. එයට වයසක්, සමාජ පංතියක් අවශ්‍ය නොවේ.
ඇතැම් විට තාරුණ්‍ය තුළ පමණකුදු විවාහ ජිවිතය තුළ පවා අනවශ්‍යය ප‍්‍රශ්නයන් මතු විය හැකිය. ඇතරම් විට මේ මගින් විවිහ ජිවිතය පවා දෙදරා යා හැකිය. කෙටි කාලීන තෘප්තියක් හෝ අශාවක් නිසා දිර්ඝ කාලීන විදවිමක් එම නිසා උරුම විය හැකිය.
අන්තර්ජාලය ලාංකීය සමාජය තුළ ඉතා බහුලව භාවිත කරන දෙයකි. ඒ අනුව සමාජ ජාල ක‍්‍රමය ව්‍යාප්ත වීමත් සමග ෆෙස් බුක්,  ට්විටර්, ස්කයිප් ආදී බොහෝ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙන්ම  වයිබර්, වට්සැප්, ඉමෝ ආදීය තුළින්ද තම අදහස් උදහස් අනෙකාට කියා පෑමට භාවිත කරයි. මේ තුළ ඇති ආරක්ෂක ක‍්‍රියාමාර්ග පිළිබද අනවබෝධයෙන් හා හැගිම් වලට වහල් වී නොයෙක් සම්බන්ධතා ගොඩනගා ගන්නා බොහෝ අයගේ තාවකාලීක තෘප්තිය සදහා මෙය භාවිත කරයි.
නමුත් එහි බරපතල කම නිවැරදි ලෙස වටහා ගතහොත් එය ඇත්තෙන්ම ඉතා බරපතලය. එමගින් පුද්ගල ජිවිත පවා විනාශ විය හැකිය. එම නිසා මෙවා භාවිතය ඉතා ආරක්ෂිතව බුද්ධියට මුලිකත්වය දෙමින් සිදුකළ යුතුය. ඒ තුළින් ලබාගත යුතු යහපත් දේ පමණක් ලබාගත යුතු අතර කිසිම විටක හැගිම් වලට පමනක් යටත් නොවිය යුතුය.

Wednesday, August 10, 2016

”ලැයිම”


ලාංකීය සමාජය බහු සංස්කෘතික සහ බහු ආගමික ස්වරූපයක් සහිත නෛක වු මිනිසුන් ජිවත් වන රටකි.  එම නිසා ලංකාවේ නොයෙක් ප‍්‍රදේශයන් වල ජිවත් වන මිනිසු කණ්ඩායම් ඔවුනට ආවේණික ජිවන පැවතුම් රටාවක් ගෙවනු ලැබේ. මේ අනුව ක`දුකරයේ වෙසෙන වතු ජනතාව සුවිශේෂි ජන කොට්ඨාසයකි. බි‍්‍රතාන්‍යන් ලංකාව යටත් විජිතයක් බවට පත් කළ පසු වතු ආශ‍්‍රිත කටයුතු සදහා ගෙන්වන ලද පිරිස අදටත් වතු ආශ‍්‍රිතවම ජිවත් වීම දැකගත හැකිය.

” ලැයිම ” යන ව්‍යවහාරික වචනය ඔවුන් ජිවත් වන්නා වු ගෙවල් සමුහයට පොදුවේ කියනු ලබයි. ඔවුන් කිසිවිටකත් තනි තනිව ජිවත් නොවන අතර එක් බිත්තියකින් වෙන් වු ගෙවල් පෝලිමක ජිවත් වේ. මොවුන්ගේ සියලු කාර්යයන් සදහා මෙම භුමිය සීමා වෙයි. උදෑසන තම වැඩමුර සදහා පිටත් වන මොවුන් පැමිණෙන්නේ නැවත සවස් කාලයේදීය. එදිනදා වේල සරි කර ගන්නා මොවුනට තවත් දවසක් ගැන මහත් වු බලාපොරොත්තු නැත්තේය.
ලැයිම තුළ දරුවන්ගේ අධ්‍යපානය වර්තමානය වන විට වැඩි අගයක් පෙන්නුම් කළද  උසස් අධ්‍යාපනය තෙක් යන්නේ නම් ඒ ඉතාම අල්ප වශයෙනි. ඔවුන්ද කර `දඩු උස් මහත් වු පසු තම මව්පියන්ගේ වෘත්තියම භාර ගනි. මේ අනුව එකී ඒකිකාරි බව බිදිමින් සමාජයට ගොස් වෙසෙන්නේ නැති තරම්ය. ඔවුන්ගේ අවශ්‍යතා පරිදි සතුන්ද ඔවුනට තබා ගැනිමට එතරම් ඉඩක් නොමැති වුවත් තිබෙන ඉඩ ප‍්‍රමානයෙන් ඔවුන් සත්තුන්වද නඩත්තු කරයි.

මේ ආකාරයට ගෙවන්නා වු ජිවිතයේ සනීපාරක්ෂාවද ඉතාම අල්පය. සමුහයක් වශයෙන් ජිවත් වන නිසාත්, බොහෝ දුරට මොවුන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු නෙකරන නිසාත් මෙය ඉතා දරුණු ලෙස දැකිය හැක. නමුත් නුතනයේ නොයෙක් ක‍්‍රියාපටිපාටියන් ඔස්සේ මොවුන්ගේ භෞතික පහසුකම් වර්ධනය කිරිමට ආධාර සැපයිම දැකගත හැකිය. ඒසේම ප‍්‍රාථමික පාසල් ආරම්භ කිරිම, මුලික අධ්‍යාපන මධ්‍යස්ථාන ඉදිකිරිම ආදිය තුළ යම් තාක් හෝ සංවර්ධනයක් සිදුවීම දැකිය හැකිය.
නුවරඑළිය, හපුතලේ සහ බදුල්ල ආදී ප‍්‍රදේශයන් තුළ වැඩි වශයෙන් ජිවත් වන මොවුන් ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරිමට මහත් වු කාර්යය ප‍්‍රමාණයක් සිදු කරන අතර මොවුන් අඩපණ වු විට විදේශිය විනිමයෙන් විශාල අලාභයක් ලංකාවට සිදු විම නොවැළක්විය නොහැක. එම නිසා මොවුන්ගේ සුභ සාධන කටයුතු සහා ළමුන්ගේ අධ්‍යාපනය පිළිබ`ද වැඩිදුරටත් අවධානයට ලක් කළ යුතුය.

Monday, August 8, 2016

දෙවියන් ප‍්‍රමුඛ කරගත් ජිවිතය




ලෝකයේ සියලුම ජනයාට තමන් යා යුතු මාර්ගය පෙන්වන්නා හෝ තමාගේ මනසට සහනයක් සහ ජිවිතයට ආශිර්වාදය ලබා දෙන්නා වු ආගමක් ඇත. ඒ අනුව බොහෝ දෛනික චර්යා මෙන්ම සමාජීය, සංස්කෘතික ක‍්‍රියා දාමයන් ඒ වටා සකස් වී තිබිම එය අධ්‍යයනයේදී පෙනී යන කරුණකි. ඒ අනුව ලංකාව බහු සංස්කෘතික රටක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් හා මැලේ යනාදී වශයෙන් නොයෙක් ජාතීන් මුලික කරගනිමින් ආගම් ව්‍යාප්ත වී තිබිම දැකිය හැකිය

ඒකීයත්වය තුළ විවිධත්වය නියෝජනය කරමින් ඒ ඒ ජාතින් ඔවුන්ට අනන්‍යය වු ජිවන රටාව ගොඩනගා ගනියි. මේ අනුව දමිළ සංස්කෘතිය පුරාවෘත්ත මත පදනම්ව දෙවියන් මුලික කරගත් සංස්කෘති රටාවක් ගෙනයනු ලබයි. ඔවුන්ගේ දෛනික දිවිපැවැත්ම මෙන්ම සියලු සමාජිය කෘත්‍ය තුළ මේ ලක්ෂණ දැකිය හැකිය. දමිළ දරුවකු උපතේ සිට ඔහුගේ මරණය දක්වා ඒ ඒ කාලයන් හී දෙවියන් මුලික කොට සියලු කාර්යයන් සිදු කරයි. මොවුන් විවිධ දෙවිවරු අදහන අතර ” පුල්ලයාර් දෙවියන් ” ඇතුළු දෙවියන් රාශියක් මුලික කර ගැනිම ලාංකීය දමිළ සංස්කෘතිය තුළ දැකිය හැකිය. ඒ අනුන ජිවිතයේ වැදගත් සෑම අවස්ථාවකදීම දෙවියන් මුලික කොට සියල්ල සිදු කරයි. ඔවුන් වාර්ෂික දේව උත්සවයන් පවත්වන අතර දෙවියන් වහන්සේ කිරෙන්, කහ ජලයෙන් නහවා පෙරහැරින් ආචාර කොට වඩමවනු ලබයි. සියලුම දෙමළ ජනයා එක්ව දෙවියන් වැඩසිටින කොවිලෙහි මෙම සියලු වතාවත් සිදු කරයි. එය ඔවුන්ගේ පුජනීය ස්ථානයයි.
 
විවහ ක‍්‍රමයද සංස්කෘතිය ගැබ් වෙමින් ආගමද මුසු ආශිර්වාදය සමග ඉතා වර්ණවත් අයුරින් සිදු කරයි. සශ‍්‍රිකත්වය මුලික කරගත් විවාහ ක‍්‍රමය තුළ සෑම දෙයක්ම ඒ මත පදනම් වේ. පුජකතුමා ඇතුළු දරුවන් හිමි සශ‍්‍රික කාන්තාවන් පස්දෙනකු විසින් මෙම කෘත්‍ය සියල්ල සිදු කරයි. ගින්න ඉදිරිපිට සියලු මන්ත‍්‍රයන් සිදු කරන අතර තාලිය පැළන්දවීම, මනාලියගේ පයෙහි මුදු පැළැන්දවීම සහ නලලත තිලකය තැබිම ඉතා වැදගත් චාරිත‍්‍ර ලෙස හදුනාගත හැකිය.
මරණය තුළද ඔවුන් සෑම විටම අනිත්‍ය පසක් කරන අතර ඒ ඒ චාරිත‍්‍රයන් තුළ ඔහුගේ හැරයාම මැනවින් නිරූපණය කරයි. ඒ තුළ බිරිද සහ දරුවන්ගේ තනි වීම  මැනවින් නිරූපණය කරයි. මීට අමතරව නොයෙක් අවුරුදුමය චාරිත‍්‍රයන්, බත් කැවිම, අකුරු කියවීම තුළද ඊට ආවේණික සංස්කෘතිකාංග දැකිය හැකිය.
මේ අනුව තම සංස්කෘතිය තුළ ආගම මුලික කරගත් විශ්වාසය පදනමින් දෛනික ජිවිකාව ගෙන යන මොවුන්ගේ ඇදුම සහා ආහාර තුළින් පවා සංස්කෘතිය නිරූපණය කරයි. වේට්ටිය සහා උඩුකය නිරුවත් පිරිමියා සහා සාරිය ඇදගත් කාන්තාව මෙහි ප‍්‍රමුඛ වෙයි. ඒ අනුව ආභරණ වලින් සැරසීම මෙම කාන්තාවන් ඇළුම් කරන අතර රත‍්‍රං ඔවුන් බොහෝ විට පළදියි. එසේම අහාර ගැනිමද අන් සංස්කෘතිනට වඩා සුවිශේෂි වේ. ඔවුන් කෙසෙල් කොළයේ ආහාර ගන්නා අතර කෙසෙල් මොවුන්ගේ සංස්කෘතියේ සංකේතයක් ලෙස හදුනාගත හැකිය. උත්සව දිනයන්හී සැරසීම සදහා කැන් සහිත කෙසෙල් ගස් ගන්නා මොවුන් ආහාරයටද කෙසෙල් අමතක නොකරන අතර දේව පුජාව සදහා අනිවාර්යෙන් භාවිත කරයි. මීට අමතරව පොන්ගල්, පායාසම්, රසම් සහ සාම්බාරු ඔවුනටම ආවේණික ආහාරයන්ය.
ඉන්දියාවෙන් සංක‍්‍රමණය වී ලංකාවට පැමිණ ස්ථාවර පැවැත්ම සහතික කිරිමත් තුළ අද වන විට ඔවුන්ගේ සංස්කෘතිය මුළු ලංකාව පුරාම වයාප්තව පවතින අතර, විවිධ වු බහු සංස්කෘතික වෙනස් වීම ඔස්සේ ඔවුනද දේව විශ්වාසය මුලික කර ගනිමින් තම පැවැත්ම ගෙන යනු ලබයි.