යොවුන් වියේ ආකල්ප වල කාලීන වෙනස් විම

ලොකයේ සෑම දෙයක්ම නිසි කල නිසි අයුරින් සිදු වන්නා සේම ගැටවරයවයන්ගේ සිතුම් පැතුම්ද නිරන්තරයෙන් වෙනස් වීමකට ලක් විම දැකගත හැකිය. ලොකයේ සෑම දෙයකටම විද්‍යාක්මක ලෙස හේතූඵල වාදීන් අදහස් ඉදිරිපත් කරන්නාක් මෙන් ගැටවර මනස වෙනස් විමටද නොයෙක් හේතු කාරකයන් දැක්විය හැකිය. නුතනයේ තාක්ෂණය හමුවේ ඇත්තේ එයට විශාල අභියෝගයකි.
නව මාධ්‍ය ආගමනයත් සමග බිහි වන සමාජ ජාලා මාධය මගින් වර්තමානයේ ගැටවරයන් ගිජු කර ගැනිමක් දැකගත හැකි අතර එය ඇබ්බැහි විමක් දක්වා අද වර්ධනය වී ඇත.  එක් අතකට අසීමාන්තික නිදහසක් තිළිණ කරමින් සීමා මායිම් නොතකා හරිමින් තම ඇසුරට සුදුසු පුද්ගලයන් පුද්ගල මමත්වය මත තොරා ගත හැකිය.

 
මෙය එක් අතකින් තාක්ෂණය හමුවේ ලැබු විශාල ජයකි. එනමුත් එකී සමාජ ජාල කරණය තුළ විශේ්ෂයෙන් Facebook මාධය තුළ බහුලව ආකල්පීය වෙනස් කම් දැකගත හැකිය. එය ඇතැම් විට ගැටවරයන්ගේ මානසික රෝගී කාරකයක් බවටද පත් වී ඇත. අද අපට වාර්තා වන දෙස් විදෙස් පුවත් වලින් එය මැනවින් පැහැදිළි වේ.
පරිගණකය අභියස සිටින ඔහු හේ ඇය සමස්ත ලෝකයෙන්ම දුරස් වී දහස් ගණන් පුද්ගලයන් අතරේ තම සිතුම් පැතුම් හදුනන  පුද්ගලයන් සොයයි. සන්නිවේදනයේ බලවත් කම නිසා හෝ දුබලකම නිසා හැගිම් මත පදනම් වන ඔහු හෝ ඇය බුද්ධිය මකා දමමින් සිතුවිලි අතර සැරිසරයි. එය නිමාවට පත් වන්නේ සිතුවිලි වලින් අසරණ වු ගැටවරයෙක් ලෙසය. ඒ නිසා ඔවුන්ගේ සෑබැ ලොකයේ දී අසරණ වන ඔවුන්ගේ අවසාන තීරණය සියදිවි නසා ගැනිමයි.
මේ පිළිබද අපට නිරන්තරයෙන් අසන්නට ලැබේත එමෙන්ම මේ පිළිබද නව නීති හසුන්වා දේ. මේ සෑම දෙයකින්ම මේ මානසික බිද වැටිම හා facebook නිසා සිදුවන ජිවිත විනාශ විම් අවම කිරිමට උත්සහා ගනියි. ඇතැම් අය මෙය තහනම් කිරිමට පවා යෝජනා ඉදිරිපත් කරයි. රනමුත් අප කළ යුත්තේ සැබැවින්ම එය නොවේ.ඕනෑම දෙයක ැන්ත දෙකක් තිබේ. එය සනාතනීය වු වලංගුතාවයකි.

එක තැන පල් වෙමින් අප අප විමට අදහස් නොකළ යුතුය.අප සෑම දෙයකින්ම ජය ගෙන ඉදිරියට යා යුතුය.  එසේ යන ගමනේ දී හමු වන්නා වු ගැටලු වලට හේතු සොයමින් පර්යේෂණ කරමින් එකී කාරණා මත ඒවා නිරාකරණය කළ යුතුය. fb  මාධ්‍ය වුවද භාවිතය පිළිබද නිසි අවබෝධයක් ඔවුනට ලබා දිය යුතුය. එවිට කාලයට සාපේක්ෂව වර්ධනය වෙමින් හැඩගාහෙන යොවුන් සිතුවිලි යහපත් හා ඵලදායි වේවි. ගැටවරයින්ට යහපත් වු මානසිකත්වටයන් කටයුතු කළ හැකි වේවි......

2 comments: