ලාංකීය සමාජය බහු සංස්කෘතික සහ බහු ආගමික ස්වරූපයක් සහිත නෛක වු මිනිසුන් ජිවත් වන රටකි. එම නිසා ලංකාවේ නොයෙක් ප‍්‍රදේශයන් වල ජිවත් වන මිනිසු කණ්ඩායම් ඔවුනට ආවේණික ජිවන පැවතුම් රටාවක් ගෙවනු ලැබේ. මේ අනුව ක`දුකරයේ වෙසෙන වතු ජනතාව සුවිශේෂි ජන කොට්ඨාසයකි. බි‍්‍රතාන්‍යන් ලංකාව යටත් විජිතයක් බවට පත් කළ පසු වතු ආශ‍්‍රිත කටයුතු සදහා ගෙන්වන ලද පිරිස අදටත් වතු ආශ‍්‍රිතවම ජිවත් වීම දැකගත හැකිය.
” ලැයිම ” යන ව්‍යවහාරික වචනය ඔවුන් ජිවත් වන්නා වු ගෙවල් සමුහයට පොදුවේ කියනු ලබයි. ඔවුන් කිසිවිටකත් තනි තනිව ජිවත් නොවන අතර එක් බිත්තියකින් වෙන් වු ගෙවල් පෝලිමක ජිවත් වේ. මොවුන්ගේ සියලු කාර්යයන් සදහා මෙම භුමිය සීමා වෙයි. උදෑසන තම වැඩමුර සදහා පිටත් වන මොවුන් පැමිණෙන්නේ නැවත සවස් කාලයේදීය. එදිනදා වේල සරි කර ගන්නා මොවුනට තවත් දවසක් ගැන මහත් වු බලාපොරොත්තු නැත්තේය.

මේ ආකාරයට ගෙවන්නා වු ජිවිතයේ සනීපාරක්ෂාවද ඉතාම අල්පය. සමුහයක් වශයෙන් ජිවත් වන නිසාත්, බොහෝ දුරට මොවුන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු නෙකරන නිසාත් මෙය ඉතා දරුණු ලෙස දැකිය හැක. නමුත් නුතනයේ නොයෙක් ක‍්‍රියාපටිපාටියන් ඔස්සේ මොවුන්ගේ භෞතික පහසුකම් වර්ධනය කිරිමට ආධාර සැපයිම දැකගත හැකිය. ඒසේම ප‍්‍රාථමික පාසල් ආරම්භ කිරිම, මුලික අධ්‍යාපන මධ්‍යස්ථාන ඉදිකිරිම ආදිය තුළ යම් තාක් හෝ සංවර්ධනයක් සිදුවීම දැකිය හැකිය.

wadagath karunu tikak
ReplyDeletethank you dr
Delete