Tuesday, July 5, 2016

නව රැල්ලේ සේයාරූ........

වස්සානයට තුරු ලතාවන් මලින්  පුදින්නා සේම ග‍්‍රීස්ම කාලයට, එකි තුරු ලතාවන්ගේ කොළ පවා හැලී කඳ පමණකදු  දක්නට ලැබේමෙය ස්වභාව ධර්මයේ යථාර්ථයයි.එය මිනිසාටද සමව උරුම වන්නකි. මලින් විකසිත වු වස්සානය සේ තාරුණ්යද චමත්කාර සුන්දරත්වයක් මවයි.


නිසි අයුරින් එය විදිමට නම් නිසි අයුරින් එය භාවිතා කිරිම අපගේ සාර්තක දිවියකට ප්‍රයෝජනවත් වන්නකි. තාරුණ්‍යටය් සුන්දරත්වය, ජවය මෙතකැයි කියා කොපමණ වර්ණනා කරතත් එහි කෙළවරක් දැකිය නොහැක්කා සේ, අනිත් අන්තයද එහි උපරිමය ගෙන දීම කණගාටුදායක සිදුවිමකි. තාක්ෂණය හා සුසංයෝගීව අප මේ යන ගමනේ නොයෙක් ක්‍රියාවන්ගේ  හේතු භූතයෙන් තාරුණයන්ගේ අසහාය ශක්ති ස්කන්ධය සඟවා දමා ඔවුන් කටයුතු කරයි. එය මහත් ඛෙදවාචකයකි.

අන්තර් ජාලය ආශ්‍රිතව මෙය හදුනා ගැනීමේ දී ප්‍රබලව මෙය දැකගත හැකිය. දෛනික පුවත්පත් වාර්තා තුළින් පමණකුදු ඇගයිමේ දී එය හදුනා ගත හැකිය. සියලුම පුද්ගල සබදතාවයන්ගෙන් ඇත්ව ඔවුන් පරිගණකය අභියස සිටිනුයේ තනිිි විමටය. ඔවුන් එහිලා දහසකුත් සිර කර ඇති සිතුවිල්ලන් සයිබර් අවකාශයට අතොරක් නොමැතිව මුදා හරියි. නමුත් ඔවුන්ට එහි අවධානය නොවටේහේද, නැතිනම් එය නොදන්නේද, යන්න ප්‍රබල වු සන්නිවේදනයේ දුර්වල තාවයකි.

එම නිසා දිනෙන් දින මරණ සංඛ්යාව වැඩි ප්‍රතිශතයක් ගනි. සිය දිවි නසා ගැනිම්, මානසික විකෘතිතා එහි ප්‍රතිඵලයන්ය. එකි සන්නිවේදනයේ දුර්වලතාවය අප රටට පමණකුදු වෙනත් රට වලටද අයුරින්ම බලපානා කාරණාවකි. ඇතැම් රටවල් සමාජ ජාලා තහනම් කර ඇති අතර, ඇතැම් රටවල් එය සීමා කිරිමක් දැකගත හැකිය. නමුත් සැබැ ලෙසම අප කළ යුත්තේ එයමද කියා අපට සිතෙනු ඇත. මන්ද එය ප්‍රතික්ෂේප කිරිම යනු අප තාක්ෂණය බැහැර කිරිමකි, නැතිනම් සාම්ප්‍රදායික විමකි. නමුත් අප කළ යුත්තේ එයට නොබියව මුහුණ දීමකි.


අප  ඕනැම දෙයක අන්තයටම ගිය කළ එය විනාශයක් වේ. එය සමාජ යථාර්ථයකි. එම නිසා අප සමාජ ජාලා  භාවිතයේ දී අපගේ සීමාව දැන සිටිය යුතුය. අපගේ යහළුවන් පිළිබද දළ හෝ අවබෝධයකින් ඇසුරු කළ යුතුය. එහි යමක් පළ කිරිමට හෝ යමක් බැලිමට පෙර පිළිබදව දෙවරක් සිතිය යුතුය. මේ පිළිබද දේශිය වශයෙන් මෙන්ම විදේශිය වශයෙන්ද සිදුකර ඇති විවිධාකාර පරික්ෂණ රාශීයක් හදුනාගත හැකි අතර එහි සමස්තය නම් තරුණ තරුණියන් රාශියක් මෙයට ඇබ්බැහි වි සිටින නිසාත් වැඩි රතිශතයක් තරුණ තරුණියන්ගේ අනවබෝධාත්මක ත් සබදතා නිසා ජිවිත විනාශ වන බවය. ත්්ජැ ඊදදනමාරයායන අන්වර්ථ නාමයන්ගෙන් හදුනා ගැනිම තුළින් පවා මෙහි ඇති වත්මන් තත්වය හදුනාගත යුතු අතර, පිළිබද අවබෝධයක් ලැබෙන පරිදි පැහැදිළි කිරිමේ රියාපටි පාටියක් අනුගමනය කිරිම තුළින් ත් භාවිතය තුළ යහා භාවිතයක් ඇති වේ. පමණට වඩා ගත් කළ ඖෂධයක් පවා විෂ විය හැක්කා මෙන්ම  ඇතුළු සමස්ත සමාජ ජාලාවන් නිසි අයුරින් මනා අවබෝධයෙන් හදුනා පරිහරණය නොකිරිම මගින් තාරුණ් මෙන්ම නුතන සමාජයද පරිහානියට පත්වන්නේය.

2 comments: