Sunday, July 31, 2016

Online...........

ගල් යුගයේ ජිවත් වු මිනිසා මොහන්ජදාරෝ හරප්පා, ඉන්දුනිම්න ආදී ශිෂ්ටාචාරයන් පසුකරමින් නුතනයේ ඩිජිටල් කරණය දක්වා පැමිණ තිබේ. මෙසේ ලෝකයම තාක්ෂණය මගින්  තම ඇ`ගිලි තුඩු මතට පැමිණ ඇති සමාජයක මිනිසුන් දෛනික ක‍්‍රියාවන් සදහාද එය නිසකයෙන්ම පිටුවහලක් වනු ඇත. ඒ අනුව නුතනයේ ඩිජිටල් තාක්ෂණයට පියනැගිමත් සමග මිනිසුන් සෑම දෙයක් සදහාම අන්තර්ජාලයේ පිහිට පැතිම දැකගත හැකිය එය කියන්නට බැරි තරම් පුළුල් ක‍්‍රියාවලියකි. ඒ අනුව කාගෙත් කතාබහට ලක්වන, සියල්ලටම අවශ්‍ය දෛනික කාර්යයන් කර ගැනමට මින්සුන් කාර්යබහුල ලෝකයේ අන්තර්ජාලයට යොමුවේ. වයස් සීමාවකින් තොරව භාවිතයට ගත හැකි නිසා තම තම වයසට අවශ්‍ය වන්නාවු තොරතුරු හා කෘත්‍යන් රුසක් මෙහිලා සිදුකර ගත හැකිය.  ඒ අනුව නුතනයේ කාර්යබහුලත්වය මත ආයතනයන්ද පාරිභෝගිකයා හෝ සේවා දායකයාට උපරිම සේවාවක් ලබා දීම සහා ද, ඔවුනව තම ආයතනය සදහා ඇද ගැනීමට සදහා ද අන්තර්ජාලය භාවිතයට ගැනිම දැකගත හැකිය.
මේ අනුව පැය 24න්  ඕනෑම වේලාවක තම කාර්යය කර ගැනිමට හැකියාව ලැබේ. ළමයාගේ සිට වැඩිහිටියා දක්වා සියලුම කෘත්‍යන් මෙසේ අන්තර්ජාලය මගින් කිරිම සහ එය මිනිසා දෛනික භාවිතයට ගැනිම දැකගත හැකිය. මේ අනුව ,

Online Learning
Online Shopping
Online Banking

මේ ඔස්සේ බහු කාර්යය කෘත්‍යන් රැුසක් කිරිම දැකගත හැකිය. නිවසේ යම් බඩුවක් අවශ්‍ය වු විට නුතනයේ එක් දුරකතන ඇමතුමකින් එය නිවසටම ගෙන්වා ගත හැකිය. තම රටේ නොමැති දෙයක් වුවද අන්තර්ජාලය ඔස්සේ ගෙන්වා ගැනිම දැන් නවතම විලාසිතාවක් බවට පත්ව ඇත. එහි ප‍්‍රවර්ධන කටයුතු ෆේස් බුක් මාධ්‍ය හරහා සුලභ වශයෙන් සිදුවේ. එය පොත පතේ සිට අදින ඇදුම දක්වා දිව යයි.

අධ්‍යාපන කාර්යය තුළදී ද විශාල තොරතුරු සමුදායක් අනුතර්ජාලය ලබා දේ. එය වයස් සීමාවකින් තොරව පොතපතේ දැනුම පමණකුදු නිර්මාණශීලි දෑ සකස් කිරිම පිළිබද, සූපවේදය පිළිබද, ගෘහ නිර්මාණ ශිල්පය ගැන ආදී බොහෝ කාර්යයන් සදහා උදව් වේ. නුතනයේ මිනිසා බොහෝ දේ ඉගනිමට අන්තර්ජාලය භාවිත කරයි. එහි තොරතුරු මූල පද ඔස්සේ තමන්ට අවශ්‍යම අයුරින් ලබා ගත හැකි නිසා කිසිසේත් කාලය අපතේ යෑවිමක් සිදු නොවෙන අතර ඒ ඔස්සේ  ඒ ඒ විෂයට ප‍්‍රවීනයන්ගේ දැනුම ලබාගත හැකිය.

මේ අයුරින් සෑම දෙයක්ම ඉතා කෙටි කාලයකින් තමන්ගේ වී හමාරය. අඩුම කාලයක් තුළ උපරිම කාර්යය භාරයක් ඒ ඔස්සේ සිදුකළ හැකිය. නමුත් මේ සෑම දෙයකම හොද සහ නරක යනුවෙන් අංශ දෙකක් පවති. මෙම අන්තර්ජාල භාවිතයේදී ඇතැම් විට නොයෙක් වංචනික තත්වයන්ට අසුවිය හැක. අසත්‍ය තොරතුරු ලැබිය හැක. නොයෙක් අපරාධයන්ට, දුෂිත ක‍්‍රීයාවන්ට පෙළඔිය හැකිය. එම නිසා ස්වං වාරණයකින් හා ආරක්ෂාකාරීව මෙය භාවිත කළ යුතුය.

1 comment: