Tuesday, August 16, 2016

මොබයිල් පෙම


 මිනිසා  21 වන සියවස තුළ සමාජය තාක්ෂණික ක‍්‍රියාවන්ගෙන් පරිපුර්ණ ජිවියකු බවට පත් වී හමාරය. ඔවුන් සියලු දේ සිදුකරනුයේ තාක්ෂණය මුසු කරගෙනය.ඒ අනුව අතීතයේ දුෂ්‍යයන් සහ සාකුන්තලා අතර පැවති ආලය හෝ රොමියො ජුලියට් අතර පැවති ආදරය වචනයට පමණක් සීමා වී ඇත. ආදරයද නුතනයේ තාක්ෂණය සහ මුසු වීම දැකිය හැක. පෙම් හසුන් මගින් ලියවු, හමුවී දොඩමළු වු ආදරය අද මොබයිල් ෆොන්, ෆෙස් බුක් ආදි ජාල මගින් ගලා යයි.
තාක්ෂණය සමග ගමන් කරන නුතන මිනිසාගේ ආදරයත් ජංගම වීමක් දැකිය හැක. සමාජය සංකීර්ණ විමත් සමග මිනිසා කාර්යය බහුල වීමත් සමග ඔවුන් සෑම දෛනික ක‍්‍රියාවන් සදහාම තාක්ෂණය ඉවහල් කර ගනියි. මේ අනුව අන්තර්ජාලය ප‍්‍රමුඛ සමාජ ජාල, ජංගම දුරකතන ආදිය මගින් නුතනයේ බොහෝ කාර්යයන් සිදුකර ගැනිම දැකගත හැකිය. මේ අනුව ආදරයද නුතනයේ ජංගම ස්වරූපයක් ගනියි. හමු වී කතා කිරිමට නොහැකිව ලත වු පෙම්වතුන් අද ජංගම දුරකතන හෝ අන්තර්ජාලය භාවිතයෙන් ළග සිටින්නා සේ කතා කරයි. ඔවුනට හමු වීමටම ඒ නිසා අවශ්‍ය නොවේ. මෙය එක් අතකින් ස්පර්ෂයෙන් ළබන්නා වු පෙම්වතුන්ගේ ආදරයක් නොවුවත් කාර්ය බහුල සමාජයක මිනිසාට සැනසිලි දායක දෙයකි. නමුත් කාලයත් සමග මෙම තාක්ෂණය භාවිතයෙන්ම ඔවුන් වැරදි ක‍්‍රියා වලට යොමු විම දැකිය හැකිය. තම ජංගම දුරකතනයට එන එක් මිස් කොල් එකක් පේ‍්‍රමයකට පෙරලිමද නුතනයේ බොහෝ සිද්ධි අධ්‍යයනයේදී දැකගත හැකිය.
එමෙන්ම පරිගණකය අභියස සිටින කාලය තුළ තම අනවශ්‍ය කාලය කා දැමිම සදහා නොයෙක් පුද්ගලයන් හා කතා කරන විට නොයෙක්  සම්බන්ධතා නොදැනුවත්වම ඇති වේ. මන්ද පරිගණකය අබියස තනි වන ඔහුගේ හෝ ඇයගේ සිත නිදහසේ තම හැගිම් වලට පමණක් මුල්තැන දෙන බැවිනි.   මේ පිළිබද ලෝකය මෙන්ම ලාංකීය සමාජය තුළින්ද බොහෝ නිදසුන් ගත හැකිය. නිශ්චිත පුද්ගල අනන්‍යතාවයක් තහවුරු කිරිමට නොහැකි මේ තුළ බොහො තරුණ තරුණියන් අමාරුවේ වැටිම දැකිය හැකිය. ඇතැම් විට තම පෞද්ගලිකත්වය පවා විනාශ කිරිමට එම පේ‍්‍රමයට හැකියාව ලැබේ. එයට වයසක්, සමාජ පංතියක් අවශ්‍ය නොවේ.
ඇතැම් විට තාරුණ්‍ය තුළ පමණකුදු විවාහ ජිවිතය තුළ පවා අනවශ්‍යය ප‍්‍රශ්නයන් මතු විය හැකිය. ඇතරම් විට මේ මගින් විවිහ ජිවිතය පවා දෙදරා යා හැකිය. කෙටි කාලීන තෘප්තියක් හෝ අශාවක් නිසා දිර්ඝ කාලීන විදවිමක් එම නිසා උරුම විය හැකිය.
අන්තර්ජාලය ලාංකීය සමාජය තුළ ඉතා බහුලව භාවිත කරන දෙයකි. ඒ අනුව සමාජ ජාල ක‍්‍රමය ව්‍යාප්ත වීමත් සමග ෆෙස් බුක්,  ට්විටර්, ස්කයිප් ආදී බොහෝ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මෙන්ම  වයිබර්, වට්සැප්, ඉමෝ ආදීය තුළින්ද තම අදහස් උදහස් අනෙකාට කියා පෑමට භාවිත කරයි. මේ තුළ ඇති ආරක්ෂක ක‍්‍රියාමාර්ග පිළිබද අනවබෝධයෙන් හා හැගිම් වලට වහල් වී නොයෙක් සම්බන්ධතා ගොඩනගා ගන්නා බොහෝ අයගේ තාවකාලීක තෘප්තිය සදහා මෙය භාවිත කරයි.
නමුත් එහි බරපතල කම නිවැරදි ලෙස වටහා ගතහොත් එය ඇත්තෙන්ම ඉතා බරපතලය. එමගින් පුද්ගල ජිවිත පවා විනාශ විය හැකිය. එම නිසා මෙවා භාවිතය ඉතා ආරක්ෂිතව බුද්ධියට මුලිකත්වය දෙමින් සිදුකළ යුතුය. ඒ තුළින් ලබාගත යුතු යහපත් දේ පමණක් ලබාගත යුතු අතර කිසිම විටක හැගිම් වලට පමනක් යටත් නොවිය යුතුය.

9 comments:

  1. හැගීම්වලට වහල් විය නොයුතුයි. බුද්ධියට මුල්තැන දිය යුතුයි... 100% ඒකගයි
    නමුත් නව තාක්ෂණය භාවිතයෙන් අාදරය කිරීමේ වරදක් නැත. පේ‍ර්මයක් අාරම්භ කිරීමෙහිද වරදක් නැත. වරද අැත්තේ වංචාව සහ බොරුව තුළ පමණි. දෙදෙනෙකු අතර තාක්ෂණය තුළින් සැබෑ අාදරයක් අැතිවන්නෙ නම් ඒහි අැති වරදක් නැත... ඒවැනි අාදරවන්තය සාර්ථක යුග දිවි ගත කරන අත්දැකීමෙන් දැක අැති හෙයින් මා තාක්ෂණය හා මුසු අාදරයේ වරදක් නොදකිමි.. වරද වංචාව තුළ පමණි

    ReplyDelete
    Replies
    1. තාක්ෂණය භාවිතයෙන් ආදරය කිරිමේ කිසිම වරදක් තැත. නමුත් තාක්ෂණය තුළ අසීමිත ලෙස විවෘත වන මිනිසා බොහෝ විට වරදට යොමු වෙනවා වැඩිය. එය ස්වං පාලනයකින් යුතුව කළ යුතුය.

      Delete