ලෝකයේ සියලුම ජනයාට තමන් යා යුතු මාර්ගය පෙන්වන්නා හෝ තමාගේ මනසට සහනයක් සහ ජිවිතයට ආශිර්වාදය ලබා දෙන්නා වු ආගමක් ඇත. ඒ අනුව බොහෝ දෛනික චර්යා මෙන්ම සමාජීය, සංස්කෘතික ක‍්‍රියා දාමයන් ඒ වටා සකස් වී තිබිම එය අධ්‍යයනයේදී පෙනී යන කරුණකි. ඒ අනුව ලංකාව බහු සංස්කෘතික රටක් ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් හා මැලේ යනාදී වශයෙන් නොයෙක් ජාතීන් මුලික කරගනිමින් ආගම් ව්‍යාප්ත වී තිබිම දැකිය හැකිය
ඒකීයත්වය තුළ විවිධත්වය නියෝජනය කරමින් ඒ ඒ ජාතින් ඔවුන්ට අනන්‍යය වු ජිවන රටාව ගොඩනගා ගනියි. මේ අනුව දමිළ සංස්කෘතිය පුරාවෘත්ත මත පදනම්ව දෙවියන් මුලික කරගත් සංස්කෘති රටාවක් ගෙනයනු ලබයි. ඔවුන්ගේ දෛනික දිවිපැවැත්ම මෙන්ම සියලු සමාජිය කෘත්‍ය තුළ මේ ලක්ෂණ දැකිය හැකිය. දමිළ දරුවකු උපතේ සිට ඔහුගේ මරණය දක්වා ඒ ඒ කාලයන් හී දෙවියන් මුලික කොට සියලු කාර්යයන් සිදු කරයි. මොවුන් විවිධ දෙවිවරු අදහන අතර ” පුල්ලයාර් දෙවියන් ” ඇතුළු දෙවියන් රාශියක් මුලික කර ගැනිම ලාංකීය දමිළ සංස්කෘතිය තුළ දැකිය හැකිය. ඒ අනුන ජිවිතයේ වැදගත් සෑම අවස්ථාවකදීම දෙවියන් මුලික කොට සියල්ල සිදු කරයි. ඔවුන් වාර්ෂික දේව උත්සවයන් පවත්වන අතර දෙවියන් වහන්සේ කිරෙන්, කහ ජලයෙන් නහවා පෙරහැරින් ආචාර කොට වඩමවනු ලබයි. සියලුම දෙමළ ජනයා එක්ව දෙවියන් වැඩසිටින කොවිලෙහි මෙම සියලු වතාවත් සිදු කරයි. එය ඔවුන්ගේ පුජනීය ස්ථානයයි.
විවහ ක‍්‍රමයද සංස්කෘතිය ගැබ් වෙමින් ආගමද මුසු ආශිර්වාදය සමග ඉතා වර්ණවත් අයුරින් සිදු කරයි. සශ‍්‍රිකත්වය මුලික කරගත් විවාහ ක‍්‍රමය තුළ සෑම දෙයක්ම ඒ මත පදනම් වේ. පුජකතුමා ඇතුළු දරුවන් හිමි සශ‍්‍රික කාන්තාවන් පස්දෙනකු විසින් මෙම කෘත්‍ය සියල්ල සිදු කරයි. ගින්න ඉදිරිපිට සියලු මන්ත‍්‍රයන් සිදු කරන අතර තාලිය පැළන්දවීම, මනාලියගේ පයෙහි මුදු පැළැන්දවීම සහ නලලත තිලකය තැබිම ඉතා වැදගත් චාරිත‍්‍ර ලෙස හදුනාගත හැකිය.
මරණය තුළද ඔවුන් සෑම විටම අනිත්‍ය පසක් කරන අතර ඒ ඒ චාරිත‍්‍රයන් තුළ ඔහුගේ හැරයාම මැනවින් නිරූපණය කරයි. ඒ තුළ බිරිද සහ දරුවන්ගේ තනි වීම මැනවින් නිරූපණය කරයි. මීට අමතරව නොයෙක් අවුරුදුමය චාරිත‍්‍රයන්, බත් කැවිම, අකුරු කියවීම තුළද ඊට ආවේණික සංස්කෘතිකාංග දැකිය හැකිය.
මරණය තුළද ඔවුන් සෑම විටම අනිත්‍ය පසක් කරන අතර ඒ ඒ චාරිත‍්‍රයන් තුළ ඔහුගේ හැරයාම මැනවින් නිරූපණය කරයි. ඒ තුළ බිරිද සහ දරුවන්ගේ තනි වීම මැනවින් නිරූපණය කරයි. මීට අමතරව නොයෙක් අවුරුදුමය චාරිත‍්‍රයන්, බත් කැවිම, අකුරු කියවීම තුළද ඊට ආවේණික සංස්කෘතිකාංග දැකිය හැකිය.
මේ අනුව තම සංස්කෘතිය තුළ ආගම මුලික කරගත් විශ්වාසය පදනමින් දෛනික ජිවිකාව ගෙන යන මොවුන්ගේ ඇදුම සහා ආහාර තුළින් පවා සංස්කෘතිය නිරූපණය කරයි. වේට්ටිය සහා උඩුකය නිරුවත් පිරිමියා සහා සාරිය ඇදගත් කාන්තාව මෙහි ප‍්‍රමුඛ වෙයි. ඒ අනුව ආභරණ වලින් සැරසීම මෙම කාන්තාවන් ඇළුම් කරන අතර රත‍්‍රං ඔවුන් බොහෝ විට පළදියි. එසේම අහාර ගැනිමද අන් සංස්කෘතිනට වඩා සුවිශේෂි වේ. ඔවුන් කෙසෙල් කොළයේ ආහාර ගන්නා අතර කෙසෙල් මොවුන්ගේ සංස්කෘතියේ සංකේතයක් ලෙස හදුනාගත හැකිය. උත්සව දිනයන්හී සැරසීම සදහා කැන් සහිත කෙසෙල් ගස් ගන්නා මොවුන් ආහාරයටද කෙසෙල් අමතක නොකරන අතර දේව පුජාව සදහා අනිවාර්යෙන් භාවිත කරයි. මීට අමතරව පොන්ගල්, පායාසම්, රසම් සහ සාම්බාරු ඔවුනටම ආවේණික ආහාරයන්ය.
ඉන්දියාවෙන් සංක‍්‍රමණය වී ලංකාවට පැමිණ ස්ථාවර පැවැත්ම සහතික කිරිමත් තුළ අද වන විට ඔවුන්ගේ සංස්කෘතිය මුළු ලංකාව පුරාම වයාප්තව පවතින අතර, විවිධ වු බහු සංස්කෘතික වෙනස් වීම ඔස්සේ ඔවුනද දේව විශ්වාසය මුලික කර ගනිමින් තම පැවැත්ම ගෙන යනු ලබයි.
No comments:
Post a Comment