පෙර අපර දෙදිග ආභාසය ලත් ලාංකීය ක‍්‍රීඩා සම්ප‍්‍රදාය

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා පිළිබඳව සාකච්ඡුා කරන විට ජන කී‍්‍රඩා වලට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. සිංහලයන් ජාතියක් වශයෙන් නැගී සිටීමට අවශ්‍යය පසුබිම ඉන්දියානු ආභාසය මඟින් ලැබූ බව පොදුවේ පිළිගනු ලබන්නකි. මෙරට වැසියාට විධිමත් සංස්කෘතියක් හිමි වූයේ මිහිඳු හිමියන්ගේ ලංකාගමනයත් සමඟ ය. එය සංස්කෘතික, සාමාජීය හා ආර්ථික යන අංශවල පමණක් නොව දේශපාලන අංශය සමඟ ද සම්බන්ධ වේ. මහින්දාගමනයට පෙර හා එයින් පසුව ද ඉන්දියානුවන්ගේ ඇතැම් සංස්කෘතික ලක්ෂණ සිංහලයාට උරුම කර දෙන්නට ඇත.
මෙරට සංස්කෘතිය සකස් කිරිමෙහිලා පෙරදිග පමණක් නොව අපරදිග ආභාෂය ද දායක වී ඇති ආකාරය පෙනීම යි. මූලික වශයෙන්  කී‍්‍රඩා සඳහා ඉන්දියානු ආභාශය ලැබිම විශේෂත්වයකි. 

කෘෂි කාර්මික අර්ථ ක‍්‍රමයක් අනුගමනය කළ සිංහලයා මහවැව්, ඇළ වේලි පමණක් නොව ලෝකයා මවිත කරන අන්දමේ වෙහෙර විහාරස්ථාන ඉදි කළේ ය. මේ නිසා රාතී‍්‍ර කාලය තුළ තව දුරටත් ශරීරය වෙහෙසවන ආකාරයේ කාර්යයන් කිරීමට අකමැති විය. ඒ තුළින් බලාපොරොත්තු වූයේ තම ශරීර සෞඛ්‍යය ක‍්‍රමවත්ව පවත්වාගෙන යාමයි. ඔහුට අවශ්‍ය වූයේ වෙහෙසට පත් ශරීරය මානසික තෘප්තිය මඟින් සංතර්පනය කර ගැනීමට ය. මේ සඳහා ශී‍්‍ර ලංකාවේ උෂ්ණාධික දේශගුණික තත්ත්වය ද බලපාන්නට ඇත. සිංහලයෝ ශරීර ශක්තිය විඳහා පෙන්වන කී‍්‍රඩා මෙන්ම කායික වර්ධනය සඳහා අවශ්‍ය ද්වන්දාත්මක හා සාමූහික වශයෙන් කී‍්‍රඩාවල නිරත විය. කෘෂි කර්මාන්තය ජීවනෝපාය කරගත් ලාංකීය ජන සමාජයේ උපතේ සිට විපත දක්වා වැදගත් සංස්කෘතික ලස්ෂණ සමූහයක් පෙන්වයි. විශේෂයෙන් බෞද්ධ සංස්කෘතිය හා බැඳී ගිය චාරිත‍්‍ර, උත්සව, සැණකෙළි මෙම ජන සමාජය තුළ දක්නට ලැබුණි. දේශීයත්වයට උරුම වූ ජාතික කෙළි සෙල්ලම් ජන සමාජය තුළ වර්ධනය වන්නට ඇත. ආගමික වතාවත්වලට  මුල් තැන දෙමින් සංස්කෘතික උරුමයන් විදහා පාමින් ශී‍්‍ර ලාංකිකයන් සිංහල හින්දු අලූත් අවුරුද්ද සමරන්නට සැරසෙද්දී සහෝදරත්වය හා බැඳෙමින් සෑම ගමකම ජනකී‍්‍රඩා ආරම්භ වීම දක්නට ලැබේ. සිංහල අවුරුදු මාසයේ ජාතියේ එකමුතු බව, සමඟිය, සහයෝගය, සුහදත්වය, මිත‍්‍රත්වය පෙන්වන නොයෙකුත් අන්දමේ ජාතික කී‍්‍රඩා දැකිය හැකිය. වැව් ඉවුරේ, ගේ තුළ, ලොකු-කුඩා, ස්තී‍්‍ර-පුරුෂ කවුරුත් එක සේ පී‍්‍රති ප‍්‍රමෝදයෙන් උතුරා යන අන්දමේ කී‍්‍රඩාවන් දැකගත හැකිය. අපේ සිංහල ජනකී‍්‍රඩා සිංහල ජන ජිවීතයට ළංව පැවතුණි. මේවා ගමේ සියලූ දෙනාටම සහභාගී විය හැකි අන්දමේ කී‍්‍රඩා විය. මේ අනුව අපේ ජාතික කී‍්‍රඩා ප‍්‍රධාන කොටස් කිහිපයක් යටතේ වර්ග කළ හැකිය. එනම්, 
                    ගෘහස්ථ කී‍්‍රඩා
                    එළිමහනේ සිදු කරන කී‍්‍රඩා
                    ලේ වැගිරීම් සහිතව කරන බිහිසුණු කී‍්‍රඩා
                    ආගමික සිරිත් විරිත් ගැබ් වී ඇති කී‍්‍රඩා 

වශයෙනි. මෙහි සඳහන් කර තිබෙන නිවෙස් තුළ පවත්වනු ලබන ජාතික කී‍්‍රඩාවල ප‍්‍රධාන ලක්ෂණයක් වනුයේ ඒවා සරල උපකරණ භාවිතයෙන් කරනු ලබන කී‍්‍රඩා වීමයි. ”පංච කෙළිය”මේ අතර ප‍්‍රධාන තැනක් ගනී. මේ පිළිබඳව පවතින විශ්වාසයක් වනුයේ දමිළ ජනයාගෙන් සිංහලයන්ට උරුම වූ කී‍්‍රඩාවක් සේ සැලකීමයි. ගජබා රජු සොලී රට ආක‍්‍රමණය කර දොළොස් දහසක් ජනයා වහලූන් වශයෙන් මෙරටට ගෙන ආ බව වංශකතාවන් පවසයි. එම ගමනේ දී පත්තිනි සළඹ ද මෙරටට ගෙන ආ බව පැවසේ. මේ ආකාරයට වහලූන් රැුගෙන ඒමත් සමඟ පත්තිනි දේවීය පිළිබඳව කතා හා කී‍්‍රඩාවන් මෙරටට පැමිණෙන්නට ඇත. ගැමියෝ මෙම කී‍්‍රඩාවෙහි නිරත වී පත්තිනි දේවීයගේ ආශිර්වාදය ලබාගත හැකියැයි විශ්වාස කරති. මේ සඳහා පංච පොතක් සහ බෙල්ලන් අවශ්‍ය වේ. විනෝදාස්වාදය, මානසික ව්‍යායාම, බුද්ධි වර්ධනය යන ප‍්‍රයොජ් න මේ තුළින් ලබාගත හැකිය. මෙම කී‍්‍රඩාව සිංහල අවුරුදු කාලය පුරාවටම නිවසක මැද සාලයෙහි හෝ කඩ පිලක දී දැක ගත හැකිය. නමුත් අද දැකිය හැකි මෙම පංච දැමීම එසේ නැතිනම් බෙල්ලන් ආශි‍්‍රත කී‍්‍රඩාව නිවැරදි පංච කෙළිය ලෙස හැඳින්විය නොහැක. පංච පෙතක් ආශි‍්‍රතව දෙපිළ බෙදී එදා කෙරුණු පංච කෙළිය වෙනුවට අද දක්නට ලැබෙනුයේ ”බෙල්ලෝ දැමීම”නම් අලූත් කී‍්‍රඩාවකි. බෙල්ලන් හය දෙනෙකුගෙන් සමන්විත ” බෙල්ලෝ කූට්ටම”වරකට දෙදෙනා බැඟින් සොළවා බිම සිදු කරයි. මෙහිදී එක් බෙල්ලෙක් හැර අනෙක්වා සියල්ල එකම අතට වැටීම එලෙස දමන්නාගේ ජයග‍්‍රහණය සහතික කරන්නකි. එලෙස අනෙකුත් බලා සිටින පුද්ගලයන් ඔත්තේ, ඉරට්ටේ නමින් ඔට්ටු ඇල්ලීම් සිදු කරනු ලබයි.

බෙල්ලන් සහ ඊතල ස්වරූපය ගත් පෙතක් යොදා ගෙන”දොළහ කෙළිය”නම් වූ කී‍්‍රඩාවක් කරනු ලැබේ. ධන ලකුණේ හැඩයට ඇදගත් කොටු 40න් යුතු සෝනාරු කෙළිය නම් වූ තවත් ජාතික කී‍්‍රඩාවක් ද වේ. මීට අමතරව”ඔළිඳ කෙළිය”නම් වූ තවත් කී‍්‍රඩාවක් පවතී. මේ සඳහා යොදා ගන්නා කවි පන්තනී ් ප‍්‍රශ්න හා පිළිතුරු ලෙසින් සැකසී ඇත. කී‍්‍රඩාවේ යෙදීමේ දී කණ්ඩායම් දෙකක් අවශ්‍යය වේ. මේ සඳහා යොදා ගන්නා පද්‍යය පන්තියක් නම්, 

 
T<s| ;sfnkafka fldhs fldhs 
foafia
T<s| ;sfnkafka nx.,s
foafia
f.k;a iokafka fldhs fldhs 
foafia
 f.ke;a iokafka isxy,
foafia





.ig m,ÉÑo fnd, fldhs
kEfkda 
.ig m,ÉÑhs lsßnqÿ
kEfkda
lr,a ieÈÉÑo fnd, fldhs
kEfkda
lr,a ieÈÉÑhs lsßnqÿ
kEfkda
ජාතික කී‍්‍රඩා අතර අංචි ඇදීම, මුදු කිරීම, කජු ගැසීම, දාම් ඇදීම, ගල් පෙරළීම, චතුරංග කෙළිය වැනි කී‍්‍රඩා රාශියක් පවතී. ඒ අතර ස්තී‍්‍රන්ට පමණක් සීමා වූ ඉන්දියාවෙන් පැමිණි ”කොටියන් හිර කිරීම ” නම් කී‍්‍රඩාවක් ද වෙයි. බක්මස උදාවත්ම සෑම නිවසකම දැකිය හැකි, විශේෂයෙන් කුඩා දරුවන් ප‍්‍රිය කරන කී‍්‍රඩාවක් වන්නේ ”ඔංචිලි පැදීම” යි. වත්මනෙහි බොහෝ විට කුඩා දරුවන්ගේ ගෘහස්ථ කී‍්‍රඩාවක් වශයෙන් ඔංචිලි පැදීම හඳුන්වා දුන්න ද අතීතයේ එය බාල, මහලූ, කාන්තා යන සියලූ පාර්ශවයන්ගේ ප‍්‍රමුඛතම ජන ක‍්‍රීඩාවක් වූ බවට අපගේ සාහිත්‍යය තුළින් සාක්ෂි හමුවේ.

මෙවැනි කී‍්‍රඩාවන්වලට අමතරව ගඩොල් මැනීම, ගල් කෙටීම, මැස්සන් ගැහීම යනාදී කී‍්‍රඩාවන් ද එදා අලූත් අවුරුදු සමයේ ජනපි‍්‍රයව තිබූ කී‍්‍රඩාවන්ය. ගඩොල් මැනීම යනු, ගඩොල් හැඩයට බිම ඇදගන්නා ලද කොටුවක දුර සිට කාසි විසිකිරීමේ කී‍්‍රඩාවකි. 

නියමිත දුරක සිට තම වාරය පැමිණි විට එක් එක් කී‍්‍රඩකයා පැතලි ගලකින් විසිකරන ලද කාසියට එල්ලය ගැසිය යුතුය. නිවැරදි එල්ලය ඇත්තාට ජය හිමි වේ. මෙම තරඟය වීදුරු බෝල කී‍්‍රඩාවට ළගම නෑකම් කියන්නකි. වර්තමානයේ දැකිය නොහැකි එහෙත් ගැමි ළමයින් අතර ජනප‍්‍රියව පැවති තවත් එක ජන කී‍්‍රඩාවක් ගැන මාර්ටීන් වික‍්‍රමසිංහ ශූරීන්ගේ ”මඩොල්¥ව” ග‍්‍රන්ථයේ සඳහන් වේ. ” මැස්සන් ගැසීම ” නම් එම කී‍්‍රඩාව ගැන එහිම සඳහන් වන ආකාරයට තරඟකරුවෝ සියල්ලෝම වටවී හිඳ තමන්ගේ කාසිය බැගින් උඩදමා බලාසිටිය යුතුය. එහිදී  පළමුව මැස්සකු වාඩිවන කාසිය හිමි තැනැත්තාට සියලූම කාසි සමඟ ජයග‍්‍රහණය හිමිවේ. 
 ජාතික කී‍්‍රඩාවන්ට අයත් එළිමහනේ සිදු කරන කී‍්‍රඩා රැුසක් පවතී. දමිළ ආභාෂය තුළින් ලද පුල්ලියාර් ගැසීම නම් වූ කී‍්‍රඩාව ගණ දෙවියන් පිළිබඳව අදහස සමඟ පැමිණියාක් ලෙස විශ්වාස කෙරේ. හින්දු ආගමේ පූජකවරු ලෙස හැඳිනගත් පිරිසක් විසින් කාවඩි සෙල්ලම නම් කී‍්‍රඩාවක් කරනු ලබයි. මෙය දේව භක්තිය හා සම්බන්ධ වූවක් ලෙස සැලකේ. මිනිසුන්ගේ කායික ශක්තිය වර්ධනය කිරීමෙහි හා එකිනෙකාගේ කායික ශක්තිය උරගා බැලීම සඳහා සකසන ලද ජාතික කී‍්‍රඩාවන් ද පවතී. එවැනි කී‍්‍රඩාවක් වන්නේ ”ලී කෙළිය” යි. මෙය නෘත්‍යය ස්වරුපයක් ගන්නා ලයාන්විතව ගායනා කරන පද්‍ය පන්තනී ් සහිත කී‍්‍රඩාවක් වේ. මෙම`ගින් සිංහල සංස්කෘතිය මැනවින් නිරූපණය කරයි. රංගානුශීලි කී‍්‍රඩාවක් වීම නිසා මෙය චිත්තාකර්ශණයට හේතු වේ.  කී‍්‍රඩාවක් වශයෙන් ප‍්‍රමුකත්වය දී ඇති සිංහලයා සතු සුවිශේෂි කී‍්‍රඩාවක් ලෙස ”එල්ලේ ගැසීම” හඳුන්වා දිය හැකිය. කණ්ඩායම් සහයෝගය හා කායික වර්ධනය සඳහා මෙම කී‍්‍රඩාව වැදගත් වේ. රංගානුශිලී තවත් කී‍්‍රඩාවක් ලෙස ”වැදි නැටුම්” හැඳින්වේ. මේ සඳහා රිටක්, පොරවක්, ගිනිමැලයක් වැනි උපකරණ අවශ්‍ය වේ. මෙම කී‍්‍රඩාවේ යෙදෙන්නේ ඒ සඳහාම සකස් කරන
ලද වැදි කවි භාවිත කරමිනි.

”ජල්ලි වරා ලේයි ලේයි                     
හූර වරා ලේයි ලේයි                   
 ජල්ලි මරා හූර මරා                     
ලේයි ලේයි”

ජාතික කී‍්‍රඩාවන් අතර ජලයෙහි කෙරෙන කී‍්‍රඩාවන් ද පවතී. කී‍්‍රඩා අතර පිහිනීීමට ප‍්‍රධාන ස්ථානයක් හිමි වේ. සිංහල පද්‍ය හා ගද්‍ය තුළ ස්තී‍්‍රයන් හා පුරුෂයන් යෙදුණු ”ජල කෙළිය” නම් කී‍්‍රඩාවක් පිළිබඳව සඳහන් වේ. මීට අමතරව ජනවහරේ පවතින හා ක‍්‍රමයෙන් අප කෙරෙන් ඈත් වන ජාතික කී‍්‍රඩා රාශියක් පවතී. කොළ පන්දු ගැසීම, ගුඩු පැනීම, කොට්ට පොරය, ලිස්සන ගසේ නැගීම, කුකුළන් වී ඇහිදීම, ඉරටු හැංගීම, ගොන් දැක්වීම එම කී‍්‍රඩා අතර ප‍්‍රධාන වේ. ජාතික කී‍්‍රඩාවන් අතර විශේෂ කී‍්‍රඩා පවතී. ඒ තුළ පවත්නා වූ විශේෂත්වය නම්, ඇතැම් කී‍්‍රඩා ලේ වැගිරීම් සහිතව කරනු ලබන බිහිසුණු කී‍්‍රඩා වීමයි. ”මල්ලව පොරය” ඒ අතර ප‍්‍රමුඛ කී‍්‍රඩාවකි. මෙය ජාතික කී‍්‍රඩාවක් වශයෙන් පැවැත්වෙන්නට ඇති බව ඇම්බැක්කේ ලී කැටයම් තුළින් අනුමාන කළ හැකිය. මෙය පුද්ගලයකුගේ කායික ශක්තිය මැන බැලෙන කී‍්‍රඩාවක් වේ. එමෙන්ම ශරීර ශක්තයි වර්ධනය කිරීම සඳහා ද මෙය යොදා ගන්නට ඇතැයි විශ්වාස කෙරේ. 

”ඌරා ළිඳේ අංගන් කෙටීම ” තවත් එවැනි බිහිසුණු ජාතික කී‍්‍රඩාවක් වේ. මෙම කී‍්‍රඩාවේ යෙදීම ගැඹුරු පටු වලක් ඇතුළත සිදු කරයි. කී‍්‍රඩාවේ යෙදීමේ දී අයෙක් දරුණු ලෙස තුවාළ වීම හෝ මරණයට පත් වීම සිදුවිය හැකිය. ජාතික කී‍්‍රඩාවන් සඳහා බෞද්ධ සංස්කෘතියේ ආභාෂය නොලද එයින් පරිබාහිර වූ ආගමික කී‍්‍රඩා විශේෂයක් දක්නට ලැබේ. ”පොර පොල් ගැසීම” මෙහිලා ප‍්‍රමුඛත්වයක් ගනු ලබයි. හුදෙක් මෙය කී‍්‍රඩාවකට වඩා උත්සවයක ස්වරූපය ඉසිලීය. මෙම කී‍්‍රඩාවේ නිරත වීමෙන් ආරක්ෂාව හා ශාන්තිය අපේක්ෂා කළේය. ඊට අමතරව ස්වාභාවික ව්‍යසන අවස්ථාවන්හි දී මෙම උත්සවය සිදු කර දෙවියන්ගේ පිහිට ආයාචනා කළේය. ”අං කෙළිය” ක‍්‍රමයෙන් අභාවයට ගොස් ඇති තවත් ජාතික කී‍්‍රඩාවකි. මෙහි ප‍්‍රභවයට හින්දු දේව කතාවක් පදනම් වූ බවට විශ්වාස කෙරේ. ගජබා රජු සොලීන් මෙරටට ගෙන ඒමත් සමඟ මෙම කී‍්‍රඩාව ආරම්භ විය. කී‍්‍රඩාවේ යෙදීමට පෙර ශුභ දින හා නැකැත් බැලීම සිදු කරයි. එම කී‍්‍රඩාව සඳහා නියමිත කාල පරිච්ඡෙදයක් ද විය. මේ සඳහා අං කණුවක් හා විශාල යොත් දෙකක් ගොතනු ලැබේ. පිරිස දෙපිලකට බෙදිය යුතුය . කී‍්‍රඩාවේ යෙදෙන උඩුපිල ”පාළඟගේ පක්ෂය” වශයෙනුත්, යටි පිළ ”පත්තිනි දේවියගේ පක්ෂය” වශයෙනුත් නම් කෙරේ. කී‍්‍රඩාවේ යෙදීමේ දී පත්තිනි දේවියගේ පිල ජය ගන්නා බව බහුතර විශ්වාසය වේ. දෙපක්ෂයටම ශක්තිමත් අවබෝධය සහිත කී‍්‍රඩකයන් තෝරා ගනී.
 අතීතයේ පැවති දේශීය කී‍්‍රඩාවන් අතර මෙම ගුඩු කී‍්‍රඩාවට අයත් වූයේ නොදෙවෙනි ස්ථානයකි. මෙය කණ්ඩායම් කී‍්‍රඩාවක් ලෙස විනෝදයත්, ව්‍යායාමත් එකවර ලැබුණි. මේ නිසා මේ කී‍්‍රඩාව ඉතාමත් ජනප‍්‍රිය කී‍්‍රඩාවක් විය. මේ කී‍්‍රඩාව හා නිතී රිතී ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් විය. අතීත ශ‍්‍රී ලංකාවේ රජවරුන්ගේ පාලන සමය තුළ මෙය ඉතාමත්  ජනප‍්‍රිය කී‍්‍රඩාවක් විය. හමුදාව තුළ යුධ අභ්‍යාස ලබා දීමට මෙම කී‍්‍රඩාව උපයෝගී කරගෙන ඇත. කණ්ඩායම් දෙකකට බෙදී එක් පිළක් අනෙක් පිළට ගොස් ”ගුඩු ගුඩු” ශබ්ධය පැහැදිලි ව ඇසෙන සේ හඩ නඟා කියමින් එක් හුසම් ක් තුළ සතුරාට පහර දී ඔවුන්ගේ ආක‍්‍රමණයට හසු නොවී උපායශීලිව, නිර්භීතව, තම චිත්ත ශක්තිය, වේගය දරා ගැනීම සොල්දාදුවකු තුළ වර්ධනය කර ගන්නට ඇත. අතීතයේ දී මෙම කී‍්‍රඩාව සඳහා ප‍්‍රමාණයෙන් ඉඩ ඇති කී‍්‍රඩා පිටියක් අවශ්‍යය වී ඇත. කී‍්‍රඩා පිටිය මැදින් ඉරක් ඇඳ කොටස් දෙකකට බෙදන ලදි. කී‍්‍රඩාව සඳහා  ඕනෑම තරමක් සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇත.
මේ අයුරින් ශ‍්‍රි ලංකාවේ සාම්ප‍්‍ර‍්‍රදායික ක‍්‍රීඩා තුළ සැගවී ඇති බොහෝ දේ හදුනාගත හැකිය




No comments:

Post a Comment