Wednesday, August 24, 2016

නිමා වු වසන්තය......


අප සියලු දෙනාට මේ මිහිතලය තුළ ජිවත් විමට බලාපොරොත්තවක් ඇත. එය එක්තරා අයුරකින් සුන්දර සිහිනයකි. එය කවදා හෝ සැබැ වේ යන අරුතින් ඒ සදහා උපරිමයෙන්ම කැප වෙයි. එය සමාජයේ ළදරුවාගේ සිට වයස් ගත පුද්ගලයා දක්වාම අදාළ වේ. සිග්මන් ප්‍රෝයිඞ් මනෝවිශ්ලේණන වාදයේ සදහන් කරන පරිදි අපි මැරෙන තුරාවට සිහින තුළ ජිවත් වෙයි. ඒ සදහා කැප වෙයි.

ඒ අනුව ක‍්‍රීඩකයකු සතු එකම සිහිනය නම් ඔලිම්පික් වරම් ලබා ගැනිමයි. එය ඔහුගේ හෝ ඇයගේ උපරිමයයි. මේ අනුව රියෝ 2016 ඔලිම්පික් උළෙල පසුගිය දින නිමාවට පත් වුයේ ලෝකයේ සුපිරි ක‍්‍රීඩනයන්ගේ සුන්දර සිහින පොකුරක් සැබැවට පත් කරමිනි. ක‍්‍රීඩකයෙකුට ඔලිම්පික් යන්නට වරම් ලැබිම මෙන්ම එයින් ජයග‍්‍රහණය කිරිමට ලැබිමත් මහත් වු භාග්‍යයකි. නොයෙක් ක‍්‍රීඩා ඉසව් වලින් ජයග‍්‍රහණය කර රනින්, රිදියෙන් සහ ලෝකඩින් තම මව් රට බැබළවුවන් බොහෝය. නමුත් ඒ ඔස්සේ ඔලිම්පික් විශේෂ සිදුවීම් රැසක් මෙවර වාර්තා වීම දැකිය හැකිය. ඒ අනුව ජයග‍්‍රහණය, පරාජය, ක`දුල, ආදරය, සිනහව මෙන්ම වේදනාවද බොහෝ තැන් වල ප‍්‍රදර්ශනය විය. 


ක‍්‍රීඩා ලෝකයේ අති දක්ෂයන් සිහින පසුපස හඔායන තර`ගාවලියක් ලෙස ඔලිම්පික් හදුනාගත හැකිය. එහි ඇති උද්වේග කර බව නිරන්තරයෙන් පෙනෙන්නට විය. ඇතැම් විට ඔවුන් මේ සදහා පුහුණු වුයේ කුඩා කළ සිට විය හැකිය. 


චීනය වැනි රටවල් ඔලිම්පික් තර`ගාවලියට තම දරුවා පුහුණු කරනුයේ ඔහුට හෝ ඇයට නොතෙරෙන කුඩා වියේ දී පටන්ය. තමන් අතර මෙන්ම රටවල් අතර ද පවත්නා තර`ගකාරී භාවය නිසා මෙය තවත් උණුසුම් කාරී වී ඇත. මේ හරහා ලොවම ජයගත් අය ඇති අතර තම බලාපොරොත්තු සුන් වු අයද ඇත්තේය. නමුත් සිහිනය කවදා හෝ සැබැ වෙයි. ඒ මේ ගෙවී ගිය රියෝ උළෙලේ නොවන  යළිදු පැමිණෙන ඔලිම්පික් උළෙලේය. සැබැවින්ම රිද්මයට එක් කළාවු තර`ගකාරිත්වය මුසු මෙය වසන්තයක්මය. අප එදිනට සුභපතන්නෙමු.

No comments:

Post a Comment